සිව් වැනි තරගයේ හා තරගාවලියේ ජයත් ඉන්දියානුවන්ට අහිමි වෙයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර මානුකා ඕවල් ක්‍රීඩාංගනයේ අද (20) පැවැති සිව් වන එක්දින තරගය ලකුණු 25කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 348ක් ලබා ගනිමින් ඉන්දියානුවන්ට දැවැන්ත අභියෝගයක් ලබා දීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් ආරම්භක පිතිකරුවන් දෙනෙනා පළමු කඩුල්ලට ලකුණු 187ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. පළුමු කඩුල්ල ලෙස ඩේවිඩ් වොනර් ලකුණු 93කට දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. දෙවන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ෆින්ච් මුළු ලකුණු සංඛ්‍යාව 221ක් වන විට දැවී ගිය අතර පන්දු 107ක් තුළ වර්තා වූ ඔවුගේ ලකුණු 107ට හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. නායක ස්මිත් ලකුනු 51ක්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 41ක් හා මිචෙල් මාෂ් ලකුණු 33ක් ලබා ගනිමින් පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 348ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා ගැනීමට රෝහිත් ෂර්මා හා ෂිකර් ධවාන් සමත් වූ අතර අටවන පන්දුවාරයේදී මුළු ලකුණු සංඛ්‍යාව 65ක් වන විට රෝහිත් ෂර්මා ලකුණු 41කට දැවී ගියේය. ඉන්පසු පිටියේ එක්වූ විරාත් කෝලී දෙවන කඩුල්ලට ලකුණු 212ක සබඳතාවයක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු එක් කිරීමට සමත් විය. දෙවන කඩුල්ල ලෙස 38 වන පන්දුවාරයේදී ශිකර් ධවාන් ලකුණු 126ක් ලබා සිටියදී දැවී ගියේය. පන්දු 113කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. එම පන්දුවාරයේදීම තෙවැනි කඩුල්ල ලෙස නායක දෝණි ලකුණු නොලබාම දැවී ගියේය. 40 වන පන්දුවාරයේ දෙවැනි පන්දුවට විරාත් කෝලිගේ ඉනිමද ලකුණු 106කට අවසන් වූ අතර පන්දු 92ක් තුළ වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. 40 වන පන්දුවාරය ආරම්භ වනවිට කඩුලු 3කට ලකුණු 278ක් ලබා ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් සහිත ප්‍රබල මට්ටමක සිටී ඉන්දීය කණ්ඩායම කෝලිගේ දැවී යාමත් සමග මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් හත් දෙනෙකුම ලකුණු 10ට අඩු සීමාවේදී දැවී ගියේය. 50 වන පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී මුළු ලකුණු සංඛ්‍යාව 323ක් වන විට ඉන්දීය පිතිකරුවන් සියලු දෙනාම ක්‍රීඩාගාරයට යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය. නොදැවී පන්දුවට පහර දුන් රවීන්ද්‍ර ජඩේජා ලකුණු 24ක් ලබා සිටියේය.
ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේදී රිචඩ්සන් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 68කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. ඊට අමතරව මිචෙල් මාෂ් කඩුලු 2ක් හා හුස්ටින් කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේදී ඉශාන්ත් ශර්මා පන්දුවාර 10කදී ලකුණු 77කට කඩුලු 4ක්ද උමේෂ් යාදෙව් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 67කට කඩුලු 3ක්ද බිඳ දැමීමට සමත් විය. තරග 5කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 4-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් මෙම එක්දින තරගාවලියේ ක්‍රිකට් වාර්තා රැසක් අලුත් කිරීමට ඉන්දීය - ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින් සමත් වීම විශේෂත්වයකි.
0 comments:
Post a Comment