ජයග්‍රහණ නියගයකට හසුව ලතැවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලද හතේ හත වැදී අවසන්ය. මේ හතෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට කාලයක් අවශ්‍ය වුවද කාලයාගෙන් ඇවෑමෙන් ගොඩ ඒමට නොහැකි වුවහොත් 2019 ලෝක කුසලාන තරගාවලියටද සුදුසුකම් ලැබීමේ සටනකින් පසුව වරම් ලබා ගැනීමට සිදුවන බැවින් ඒ පිළිබඳව ඔලුවෙ තබා ගැනීම අදාළ බළධාරීන්ගේ කර්තව්‍ය වනු ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට ටෙස්‌ට් ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ හත්වැනි ස්‌ථානයේය. ලබන මස එංගලන්ත ටෙස්‌ට් තරගාවලිය ජය ගතහොත් ශ්‍රී ලංකාවට පස්‌වැනි ස්‌ථානය දක්‌වා උසස්‌වීමේ හැකියාව ඇතත් පරාජයට පත් වුවහොත් අට වැනි ස්‌ථානයට පල්ලම් බැසීමේ අවධානමකට මුහුණ දීමට සිදුවේ.
එක්‌දින ශ්‍රේණියේ ශ්‍රී ලංකාව පස්‌වැනි ස්‌ථානයේ සිටින අතර එංගලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය ජයගතහොත් ශ්‍රී ලංකාවට ගැටලුවකින් තොරව ඉහළ නැගීමේ අවස්‌ථාව පවතී. විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ මීට මාස කිහිපයකට පෙර අංක එකේ සිටි ශ්‍රී ලංකාව පසුගියදා ලද පරාජයන් වැලත් සමග මේ වන විට එහි හත්වැනි ස්‌ථානයට තල්ලුවී ඇත.
2019 ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකාවට මේ වසරේ තීරණාත්මක තරගාවලි කිහිපයකට සහභාගි වීමට නියමිත වුවද ඒ සඳහා සුදුසු සංයුතිය ගලපා ගැනීම එක රැයකින් කළ නොහැක්‌ක බැවින් ක්‍රමක් ක්‍රමයෙන් ශ්‍රේණියේ ඉහළ නැගීමට තරගාවලියෙන් තරගාවලිය සැලසුම් කිරීම කාලෝචිත වනු ඇත. පළමුව එංගලන්තයත්, දෙවනුව ඔස්‌ටේ්‍රලියාවත් සහ තෙවනුව දකුණු අප්‍රිකාවත් සමග මේ වසරේදී ශ්‍රී ලංකාව තරග කිරීම ශ්‍රී ලංකාවේ හොඳට හෝ නරකට කරකැවෙන තරගාවලි ත්‍රිත්වයකි. මේ තරගාවලි ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කළහොත් ශ්‍රේණිගත කිරීමේ හතෙන් ගොඩ ඒමේ හැකියාව තිබේ.
කෙසේ වෙතත් ලබන 2017 වසරේ සැප්තැම්බර් 30 වැනිදාට පෙර ශ්‍රී ලංකාව ටෙස්‌ට් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්‌ථානය හෝ ඊට ඉහළ ස්‌ථානයක් දිනා ගතහොත් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය දරන කණ්‌ඩායමක් ලෙස සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි නොවී 2019 ලෝක කුසලාන වරම දිනා ගැනීමට හැකි වනු ඇත. මේ වන විට ටෙස්‌ට් වරම් දිනා ගත් රටවල් අතර ශ්‍රී ලංකාව හත්වැනි තැන පසුවෙද්දී අට වැනි තැන බටහිර ඉන්දීය කොදෙව්වන්ටත් නව වැනි තැන බංග්ලාදේශයටත් දහවැනි තැන සිම්බාබ්වේටත් හිමිව තිබේ.
එංගලන්තයේ පැවැත්වෙන එක්‌දින ක්‍රිකට් ලෝක කුසලාන සඳහා කණ්‌ඩායම් 10 ක් පමණක් සහභාගි වන අතර එහිදී සත්කාරකයන් ලෙස එංගලන්ත කණ්‌ඩායමට අමතරව ජාත්‍යන්තර ටෙස්‌ට් ශ්‍රේණියේ පළමු කණ්‌ඩායම් හතට (ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජික) තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයකින් තොරව ඇතුළත් විය හැකි සේ නීති සම්පාදනය කර තිබේ. ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය හිමි රටවල් දහයෙන් නව වැනි සහ දහ වැනි ස්‌ථානයේ පසුවන කණ්‌ඩායම් දෙක 2018 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි විය යුතු අතර ඒ සඳහා පුර්ණ සාමාජිකත්වය නොලැබු රටවල් හයක් සමග තරග කරමින් අවසන් මහා තරග වරම දිනා ගනිමින් 2019 එක්‌දින ලෝක කුසලාන අවස්‌ථාව හිමිකර ගැනීමට හැකිවේ.
ශ්‍රී ලංකාව 2015 වසරේ සිට ජයග්‍රහණයන් අභිබවා පරාජයන් ගොඩ දලුලා තිබේ. එම වසරේ ශ්‍රී ලංකාව සහභාගි වු ටෙස්‌ට් තරග 11 න් ජයග්‍රහණ හතරක් ලබද්දී පරාජයන් හතක් ලබා තිබේ.
එක්‌දින තරග 25 කදී ජයග්‍රහණ 12 ක් ලබන අතරවාරයේ පරාජයන් 12 ක් ලබා ඇත. විස්‌සයි විස්‌ස තරග හතරකදී ලබා ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි. 2016 වසර ශ්‍රී ලංකාවට තවත් පරාජිත වසරක් ලෙස මේ දක්‌වා සහභාගි වු එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගවලදී ගම්‍ය වේ. එහිදී ශ්‍රී ලංකාව එක්‌දින තරග දෙකකට සහභාගි වී එකදු ජයග්‍රහණයක් හෝ නොලබා තිබේ. මේ වසරේදී ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස තරග 13 කදී ජය ලබා ඇත්තේ තරග තුනක් පමණි.
ටෙස්‌ට් වරම් ලැබූ ප්‍රධාන රටවල බලාපොරොත්තුව ශ්‍රේණියේ හතෙන් ගොඩ එමින් 2019 ලෝක කුසලාන වරම ගැටලුවකින් තොරව දිනා ගැනීමය. ඒ සඳහා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් වෙමින් තිබේ. නමුත් ඒ අලුත්වීම පරාජයට සාධකයක් නොවන බව අපගේ හැගීමයි.
අසේල විතාන

0 comments:
Post a Comment