1130x220 AdSpace

  • Latest News

    Tuesday, May 5, 2015

    සිය කැමැත්තෙන් ඇනකොන්ඩාවෙකුට ගොදුරු වූ අපූරු මිනිසා.....................

    පෝල් රෝසෝලි
    ඇතැමුන් විවිධ වීර ක්‍රියාවන් කරමින් ලොව ප්‍රකට වීමට උතසහ දරති. තවත් කෙනෙක් වීර ක්‍රියාවන් කරමින් අලුත් දේ ගවේෂණය කරති. පෝල් රෝසෝලිද එවැන්නෙකි.
    ඇමරිකානු ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වන පෝල් ඇමේසන් වනාන්තරය පිළිබඳ විශේෂඥයෙකු ලෙස හැදින්වේ. ඉන්දියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය හා පේරු යන රට වල ඝණ වනාන්තර වල සැරි සරා අත්දැකීම් ලැබුවෙකි. දැනට අවරුදු 26 ක් වන ඔහු වයස අවරුදු 16 සිටම ඇමසන් වනාන්තරයේ ගවේෂණයේ යෙදුන අතර 'Mother of God' නමැති කෘතියේ රචකයාය




     කණ්ඩායම ඇනකොන්ඩා අල්ලා ගත් පසු 
    සුප්‍රකට ඩිස්කවරි චැනලයේ 'Eaten Alive'  නමින් විකාශය කෙරෙන වැඩසටහනක් සඳහා පෝල් මේ ප්‍රයතනය දැරිය.
    මේ වැඩසටහන සඳහා ඇනකොන්ඩාවෙකු සොයා ගනු ලැබුවේ ඇමරිකාවේ පීරු රටේ ඇමේසන් ගංගාව ආරම්භක ප්‍රදේශයකදීය. ඒ අඩි 20ක් දිග කොළ ඇනකොන්ඩා වර්ගයේ ගැහැනු සතෙකි. උගේ බර කිලෝ ග්‍රෑම් 8 කි. දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහුගේ සහයට විය මේ අතර කැමරා ශිල්පීහු, ස්වභාව විද්‍යාඥයෝ, උරග විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු ද වුහ.





    විශේෂිත ඇඳුමින් සැරසුණු පෝල් 
    ඇනකොන්ඩාට ගොදුරුවීම සඳහා යාමට පෝල් සැරසුනේ සර්ප ආමාශීය යුෂ වලින් ජීර්ණය නොවන එසේම ඇනකොන්ඩාගේ ග්‍රහනයේදී පොඩි කර දැමිය නොහැකි කළු පැහැති විශේෂිත ඇඳුමකිනි. ඔහු හිස පලදා සිටි හෙල්මටයේ විශේෂිත කැමරාවක් සවිකර තිබුනේ ඇනකොන්ඩාගේ උදරය ඇතුලත රූපගත කිරීම සඳහාය. ඊට අමතරව පෝල්ට අවශ්‍ය වෙලාවක පිටත කණ්ඩායම ඇමතීම සඳහා මයික්‍රෆෝන ද තවත් වෛද්‍ය උපකරණ ද එම ඇඳුමට සවිකර තිබුණි. රූපගත සිදු කරන දිනයේ වගුරු බිමක සිටි ඇනකොන්ඩා වෙත පෝල් ළගා වුයේ තම විශේෂිත වූ ඇඳුමේ ඌරු රුදිරය තවරගෙනය. ඒ උගේ අවධානය ඔහු වෙත ලබා ගැනීම සඳහාය. සාමාන්‍යයෙන් ඇනකොන්ඩාගේ ආහාරයට ගොදුරු වන්නේ වල් ඌරන්, මුවන් වැනි වනයේ සතුන්ය.
    පටිගත කිරීම සිදුවන අතර පෝල් බිම වැතිර හෙමින් ඇනකොන්ඩා වෙත ඇදුනේය. ඒ අතර ඔහුගේ බිරිය ගව්රී ද බියපත් හදින් යුතුව ඒ දෙස බලා  සිටියාය. පෝල් හෙමින් ඇනකොන්ඩා දෙසට එද්දිම ක්ෂණයකින් ඇනකොන්ඩා ඔහු දෙසට කඩාවැදී උගේ විශාල හනු අතරට ඔහුගේ හිස හසු කර ගත්තේය. අනතුරුව අනෙකුත් සර්පයින් මෙන්ම තම ගොදුර ක්‍රමයෙන් පොඩි කර අඩ පන කිරීම සඳහා වෙලා ගත්තේය. අනතුරුව ග්‍රහණය දැඩි කරමින් පෝල්ගේ හිස පහලට සිටින සේ ඔහු ගිල දැමීම ආරම්භ කළේය.


    ඇනකොන්ඩාගේ ග්‍රහණයෙන් වේලි සිටි පෝල් 
    සාමාන්‍යයෙන් සර්ප විශේෂයන්ට තුන් ගුණයක ප්‍රමාණයෙන් තම ශරීරය විශාල කර ගැනීමට හැකියාව ඇත.
    වැඩි වෙලාවක්  ගත වීමට පෙර පෝල්ගේ හිස සහ උරහිසද ඇනකොන්ඩාගේ සිරුර තුලටඇදී ගියේය. සත විසින් වෙලා ගනු ලැබූ පොල්ගෙ හිසේ සවිකර තිබු කැමරාවෙන් උගේ හනු ඇතුලත පටිගත වෙද්දී කිසිවක් කර කියා ගත නොහැකි වුනු පොල්ට "ඔහ්!  දෙවියනේ" යැයි කියවිණි.
    ඒ හඬින් බියපත් වූ පෝල්ගේ බිරිද ගව්රි බියෙන් කෑ  ගැසුවාය.
    " පෝල් ඔය හොඳින්ද?"
    මද වෙලාවකට පසුව පෝල් තමා හොඳින් යැයි පිළිතුරු දුන්නේය. එහෙත්, ඒ සමගම ඔහුගේ හදවත් ස්පන්දන වේගය වැඩි වන අන්දම ඔහුගේ කණ්ඩායමේ වෛද්‍යවරු නිරීක්ෂණය කළහ.
    "පෝල් ඔබේ හදවත් ස්පන්දන වේගය වැදී වෙනවා"
    "කලබල නොවී ඉන්න මම උත්සහ කරන්නම්" පෝල් පිළිතුරු දුන්නේය.
    ඒ සමගම ඇනකොන්ඩා ඔහු මුළුමනින්ම ගිල දැමීමට සැරසුනේය. පෝල්ගේ සිරුර ඇනකොන්ඩාගේ සිරුර තුලට ඇදී යද්දී පෝල් කෑගැසුවේය.
    "උදව් කරන්න ඌ මාව කුඩුපට්ටම් කරන්නී හදන්නේ."
    ඒත් සමගම කණ්ඩායමේ අය වහා ඇනකොන්ඩා වෙත දිව විත් ඇනකොන්ඩා හා පොර බැද පෝල් උගේ මුව තුලින් එලියට ඇද ගත්තේය. පසුව ඇනකොන්ඩා කාලයට මුදා හැරිණ.
    "මට අන්තිමට මතක එකම දේ ඇනකොන්ඩා කට අරිනවා හා ඉන්පසු සියල්ල කළු පට වීම පමණි."
    යනුවෙන් බෙරා ගනු ලැබූ පසු පෝල් පැවසීය.
    මේ ඩිස්කවරි  'Eaten Alive' වැඩසටහන සඳහා කණ්ඩායම දෙවසරක කාලයක් තිස්සේ සුදානම් වූ අතර එම වැඩසටහන UK රූපවාහිනිය ඔස්සේද විකාශය විය.








    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සිය කැමැත්තෙන් ඇනකොන්ඩාවෙකුට ගොදුරු වූ අපූරු මිනිසා..................... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top