1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    සංචාරකයන් වෙනුවෙන් 'හෝටල් කාමර 45,000 ක්'



    ලබන වසරේ මුල් කාර්තුව අවසන් වනවිට විදේශීය සංචාරකයන් වෙනුවෙන් සුඛෝපභෝගී හෝටල් කාමර 45,000 ක් ඉදිකරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.


    සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග ඒ බව කියා සිටියේ, ගතව ගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය වාර්තාගත ලෙසින් ඉහළයාම පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්
    .
    සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පසුගියදා නිකුත් කළ දත්තවලට අනුව, 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිස ලක්ෂ දහ අටක්.නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2014 වසරට සාපේක්ෂව එය 17.8% ක ඉහළයාමක්.

    පුහුණු වැඩසටහන්


    විශේෂයෙන්ම බටහිර යුරෝපය, චීනය, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ඉහල වර්ධනයක් දක්නට ලැබෙන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග සංදේශයට කියා සිටියේ.
    කෙසේ නමුත් යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන් ගණනය කිරීමේදී යළි සියරට පැමිණෙන විදේශීය ගමන් බලපත්‍ර සහිත ශ්‍රී ලාංකිකයන්ද එයට ඇතුලත් කෙරෙන බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලාංකිකයන් එම දත්තවලට ඇතුලත් නොකෙරෙන බවයි.
    මේ වසර තුල සංචාරක ප්‍රවර්ධනය පිණිස රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් අය වැයෙන් වෙන් කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, ඒ මුදල යොදාගනිමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

    "එකක් තමයි දේශීය දූ දරුවන් මේ ක්ෂේත්‍රයට අනුයුක්ත කරන්න පුහුණුව ලබාදීම," අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
    "හෝටල් රාශියක් හැදීගෙන යනවා. ලබන අවුරුද්දේ මුල් කාර්තුව වෙනකොට හෝටල් කාමර 45,000 ක් මේ රටේ ඇතිවෙනවා කියන ඒක කියන්න කැමතියි."
    හෝටල් කාමර ඉදිවුවත්, සංචාරක කර්මාන්තයේ කිසියම් බිඳවැටීමක් ඇතිවුවහොත් ගන්නා පියවර කවරේදැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කළේ, කර්මාන්තයේ වර්ධනයක් විනා බිඳවැටීමක් ඇති වනු නැතැයි තමන්ට විශ්වාස බවයි.
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සංචාරකයන් වෙනුවෙන් 'හෝටල් කාමර 45,000 ක්' Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top