එක්සත් ජනපදය තම යුද බලය පෙන්වීම සඳහා දකුණු කොරියාවට ඉහළින් ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කරවීය.
බී-52 වර්ගයට අයත් මෙම බෝම්බ හෙළන ජෙට් යානය දකුණු කොරියානු ගුවන් කලාපයේ පියාසර කර වූයේ ජලකර බෝම්බයක් සාර්ථකව අත් හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි
න්‍යෂ්ටික අවි ගෙන යා හැකි මෙම දුර විහිදුම් ප්‍රහාරක යානය ගුවනේ පහල මට්ටමින් පියාසර කර ඇත්තේ එක්සත් ජනපද සහ දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව මධ්‍යයේ යි.
උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත් හදා බැලීම හෙළා දකිමින් ලොව නන් දෙසින් විවේචන එල්ල වන අතර ඇත්තටම එවැන්නක් අත් හදා බැලුවේද යන්න ඇතැම් විශේෂඥයන්ගේ සැකයට භාජනය වී තිබේ.
මේ අතරතුර උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්, සිය හමුදා මූලස්ථානයේ සංචාරය කරන ආකාරය එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය විය.
‘එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගෙන්’ එල්ල විය හැකි න්‍යෂ්ටික ප්‍රහාරයකින් තම රට ආරක්ෂා කර ගැනීම සඳහා ‘ආත්මාරක්‍ෂක පියවරක්’ වශයෙන් ජලකර බෝම්බයක් අත් හදා බැලූ බවයි උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් පවසන්නේ.




0 comments:
Post a Comment