1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    කුසල් ජනිත්ට ක්‍රිකට් තහනමක් - අයිසීසී

    තහනම් උත්තේජක පිළිබඳ ජගත් පාලක මණ්ඩලයේ නීති විධිවිධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ජගත් පාලක මණ්ඩලය සනාථ කළේය.
    ඒ අනුව එම විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඔහුට තාවකාලික තරඟ තහනමක් පනවනු ලබන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය.
    අදාළ විනය පරීක්ෂණයෙන් නිගමනයකට එළඹෙන තුරු ජගත් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් පැවසීමෙන් වැලකී සිටින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමඟ පැවති තරඟාවලිය අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලය විසින් කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද සාම්පලවල තහනම් උත්තේජක තිබූ බව හෙළි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කුසල් ජනිත්ට ක්‍රිකට් තහනමක් - අයිසීසී Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top