1 නොවැම්බර් 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 12:13 GMT
නවසීලන්ත රග්බි කණ්ඩායම ජාත්‍යන්තර රග්බි පිටියේ අණසක සියතට ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා නැවතත් ලෝක රග්බි කුසලානය ජය ගනියි.
ලන්ඩනයේ පැවති අවසන් මහා තරගයේදී ලකුණු 34ක් ලබා ගත් 'ඕල්බ්ලැක්' කණ්ඩායම, ඕස්ට්‍රේලියානුවන් ලකුණු 17 කට සීමා කිරීමට සමත් විය.
මේ අනුව ජාත්‍යන්තර රග්බි පිටියේ අඛණ්ඩව දෙවතාවක් ලෝක ශූරයන් ලෙස කිරුළු දැරූවන් ලෙස නවසීලන්ත කණ්ඩායම ඉතිහාස පොතට එක් වේ.
ජාත්‍යන්තර රග්බි කුසලානය තෙවතාවක් හිමි කර ගත් එකම කණ්ඩායම ලෙසත් නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා පොතට එක් වෙයි.
නවසීලන්ත කණ්ඩායම මීට පෙර ලෝක කුසලානයට හිමි කම් කීවේ 1987 සහ 2011 වසරවල සිය රටේ පැවති තරඟවලදීයි
http://www.bbc.com/




0 comments:
Post a Comment