ඉරානයේ බැලස්ටික් මිසයිල ව්‍යාපෘතියට එරෙහිව ඇමරිකානු සම්බාධක
ඉරානයේ බැලස්ටික් මිසයිල ව්‍යාපෘතියට අදාළව නව සම්බාධක පැණවීමට කටයුතු කරන බව ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත..
මේ යටතේ බැලස්ටික් මිසයිල ව්‍යාපෘතියට අවශ්‍ය සැපයුම් සිදුකිරීමට ඉදිරිපත්ව ඇති ඉරාන සමාගම් හා පුද්ගලයින් 11කට අදාළව සම්බාධක පණවා තිබේ.
ත‍්‍රස්තවාදය හා මූල්‍ය බුද්ධි කටයුතු පිළිබඳ උප ලේකම් ඇඩම් ජේ. සුබින් පවසා ඇත්තේ ඉරානයේ බැලස්ටික් මිසයිල ව්‍යාපෘතිය ගෝලීය හා කලාපීය ආරක්‍ෂාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන බැවින් එය ජාත්‍යන්තර සම්බාධක වලට ලක්විය යුතු බවයි.
ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඒකාබද්ධ කි‍්‍රයාකාරී සැලැස්මට පරිබාහිර ඉරානය විසින් ත‍්‍රස්තවාදයට දක්වන දායකත්වය, කලාපය අස්ථාවර කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මිසයිල ව්‍යාපෘතිය ආදී ක‍්‍රියාමාර්ග වලට එරෙහිව සම්බාධක පණවන බව මින් පෙරද අවධාරණය කළ බව ඔහු පවසා තිබේ.
මේ අතර ඉරානයේ සිරගත කර සිටි ඇමරිකානු සිරකරුවන් දෙදෙනෙකු නිදහස් කරගැනීම සඳහා සාකච්ඡුා දියත් වන අතරතුර ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් දෙසතියකට වැඩි කාලයක් සම්බාධක පැණවීම ප‍්‍රමාද කළ බව පැවසේ.
කෙසේවෙතත් ඉරානය විසින් ඇමරිකානු සිරකරුවන් 5 දෙනෙකු නිදහස් කළ විගස මෙම සම්බාධක පැණවීමට ඇමරිකාව විසින් කටයුතු කර තිබීම විශේෂත්වයකි.
0 comments:
Post a Comment