1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    ප්‍රංශ ප්‍රහාරයේ සැකකරුගේ ඇඟිලි සලකුණු බෙල්ජියමෙන්


    බ්‍රසල්ස් නුවර සිදු කළ සෝදිසි මෙහෙයුමක දී පුපුරන ද්‍රව්‍ය තිබුණු බවට සලකුණු සහිත මහල් නිවාසයක් සොයා ගෙන ඇති අතර ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ ඇඟිලි සලකුණු එහි තිබුණු බව බෙල්ජියම පවසයි.
    සිරුරේ බෝම්බ බැඳ ගෙන යා හැකි පටි කිහිපයක් ද මෙම මහල් නිවාසය තුළ තිබී හමු වූ බවයි බෙල්ජියමේ බලධාරීන් පවසන්නේ.

    ව්‍යාජ නමක්


    භාවිතා කරමින් මෙම නිවාසය කුලියට ගෙන ඇති අතර, නොවැම්බර් මාසයේ සිදු වූ ප්‍රංශ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සැක පිට අත්අඩංගුවේ පසු වන අයෙකු මෙහි වාසය කරන්නට ඇති බවට බලධාරීහු විශ්වාස කරති.
    එහි තිබී සොයා ගත් ඇඟිලි සලකුණු අතර ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සලා අබ්දෙස්ලාම් ගේ ඇඟිලි සලකුණු ද සොයා ගෙන ඇති අතර ඔහු අල්ලා ගැනීමට තවමත් පොලිසිය සමත් වී නැත.
    එකසිය තිස් දෙනෙකුට මරු කැඳවූ ප්‍රංශ ප්‍රහාරය බෙල්ජියමේ සිට සැලසුම් කරන්නට ඇති බවට තිබූ විශ්වාසය මෙම සොයා ගැනීමත් සමඟ තව දුරටත් තහවුරු කෙරෙයි.
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ප්‍රංශ ප්‍රහාරයේ සැකකරුගේ ඇඟිලි සලකුණු බෙල්ජියමෙන් Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top