1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    ලසන්ත ඝාතන පරීක්ෂණ: 'සෑහීමකට පත්වෙන්න බෑ




    8 ජනවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 13:36 GMT
    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහ මාධ්‍යවේදී සගයෝ පවසති.
    මෙවැනි ඝාතනයක් සම්බන්ධයෙන් චුදිතයන් සොයා දඬුවම් කිරීමට වසර හය හතක් ගතවන්නේ මන්දැයි ලසන්ත වික්‍රමතුංගගේ පළමු බිරිඳ රයින් වික්‍රමතුංග විමසුවේ ඝාතනයෙන් සත් වසරක් පිරීම නිමිති කොට බොරැල්ල කනත්තේ පැවති අනුස්මරණයේදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
    "අපිට හිතන්න පුළුවන් ගිය අවුරුදු හයේදී යම් යම් බාධා, අවහිරතා තිබුණ. හැබැයි දැන්වත් අපිට මේකෙන් උත්තරයක් ලැබෙන්න ඕන කියල අපි හිතනවා."
    එම අදහස අනුමත කළ මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල්, ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල තමන් බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රගතියක් නොමැතිවීම පිළිබඳව කණගාටුවක් තිබෙන බව පැවසීය.
    වසීම් තාජුදීන් ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම පිළිබඳ පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබෙන බව පවසන මන්දනා ස්මයිල්, ලසන්ත ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල එවැනි ප්‍රගතියක් දක්නට නොමැති බවයි පෙන්වා දෙන්නේ.
    ලබන වසරේ ජනවාරි අට වැනි දින වනවිට ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය අවසන් වී තිබෙනු දැකීම සිය බලාපොරොතුව බවත් ඇය සඳහන් කළාය.
    රවි කරුණානායක සහ රවුෆ් හකීම් අමාත්‍යවරුද එම අවස්ථාවට එක්වී සිටියහ.


    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලසන්ත ඝාතන පරීක්ෂණ: 'සෑහීමකට පත්වෙන්න බෑ Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top