1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    බංග්ලාදේශ් සන්නද්ධ තේ වතු කම්කරුවෝ සාමකාමී සටනක

    බංග්ලාදේශ් බලධාරීන් විසින් හඳුන්වා දෙන නව ආර්ථික කලාපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරන ඊශාන දිග බංග්ලාදේශ් තේ වතු කම්කරුවන් දහස් ගණනක් මහා විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියා.
    එම කම්කරුවන් කියා සිටින්නේ, යෝජිත ආර්ථික කලාපය නිසා සිය ජීවිකා වෘත්තීය විනාශ කෙරෙන බවයි.
    තේ වතු විසි එකක කම්කරු ප්‍රජාව ලී පොලු ,දුනු හී සහ හෙල්ල ආදියෙන් සන්නද්ධව සාමකාමීව ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය ගෙන ගිය බවයි වාර්තා වන්නේ.
    තේ වතුවලට බදු දී තිබුන ඉඩම් හෙක්ටයාර් දෙසීයක් බංග්ලාදේශ් ආණ්ඩුව විසින් දැනටමත් ආපසු පවරා ගනු ලැබ ඇත.
    වතු කම්කරුවන් තමන්ට අවශ්‍ය බත් සඳහා එම ඉඩම් වී වගාවට යොදා ගනුමිනුයි තිබුණේ.
    ඉදිරි කාලය තුළ තමන්ට තවත් ඉඩම් අහිමි වේයැයි එම කම්කරුවෝ කනස්සල්ල පල කරති.
    මේ අතර ආණ්ඩුවේ ප්‍රාදේශීය නිලධාරියෙක් කියා සිටියේ පවරා ගනු ලබන ඉඩම් අලුත් නිවාස, පාසලක් සහ රෝහලක් ඉදි කිරීමට යොදා ගනු ලබන අතර ඉඩම් අහිමි වෙන ජනයාට වන්දි ගෙවන බවයි.
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බංග්ලාදේශ් සන්නද්ධ තේ වතු කම්කරුවෝ සාමකාමී සටනක Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top