1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    IS පුතා මවට වෙඩි තබා මරා දමයි



    අයිඑස් සංවිධානයෙන් ඉවත් වන ලෙස තම පුත්‍රයාගෙන් ඉල්ලා සිටි මවකට මරණ දඬුවම ලබා දී ඇති බව සිරියාවේ ක්‍රියාධරයෝ වාර්තා කරති.
    මෙම මවට ප්‍රසිද්ධියේ වෙඩි තැබීමට අයිඑස් කැරලිකරුවන් යොදා ගෙන ඇත්තේ ඇයගේ පුත්‍රයාම යි.
    ඇමරිකානු හමුදා විසින් අයිඑස් සංවිධානය විනාශ කර දැමීමට පෙර දෙදෙනාම නගරය අතහැර යා යුතු බව පවසමින් මේ මව තම පුතුට පවසා ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් ඉවත් වන ලෙසයි.
    මේ පිළිබඳව අනෙකුත් කැරලි කරුවන්ට පැවසීමෙන් අනතුරුව ඇය මරා දැමීම සඳහා සිය පුත්‍රයාම යෙදවීමට IS කැරලිකරුවෝ කටයුතු කර තිබේ.
    හතළිස් පස් හැවිරිදි ලීනා අල් කසීම් ට වෙඩි තබා ඇත්තේ ඇය සේවය කරමින් සිටි තැපැල් කාර්යාලය අසලදී සිය ගණනක් ජනතාව ඉදිරියේදී යි.
    අයිඑස් සංවිධානය අතහැර යාමට උත්සාහ කරන අය බිය ගැන්වීම සඳහා ඔවුන් මෙවැනි දරුණු ක්‍රියාවලට පෙළඹී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.
    විසි එක් හැවිරිදි අලි සකර් තම මවට වෙඩි තැබුවේ සිරියාවේ රක්කා නගරයේ දීයි.
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: IS පුතා මවට වෙඩි තබා මරා දමයි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top