දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතාය.ඔහුගේ මූලික සැකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන්නේ චීනයේ චයිනා නැෂනල් ඉලෙක්ටේරා්නික් ඉන්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සහ ඒරෝ ස්පේස් යන සමාගම් දෙක විසිනි.ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් අලුත් සමාගමක් සෙසු ඉදිකිරීම් සඳහා සම්බන්ධවීමට ඇති ඉඩකඩ බොහෝය.
මෙම කුලුන ඉදිකිරීමේදී ගණන් බලා ඇති ආකාරයට අනුව ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 1147කි. උස මීටර් 150කි. එහෙත් දැන් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස්වී මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත.ඉදිකිරීම් නිමවීමෙන් පසු ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත.
මෙම කුලුනට ඇතුළුවීමට දොරටු හතරකි. දොරටු දෙකක් වෙන්වන්නේ විශේෂ අමුත්තන් වෙනුවෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව.ඉහළම මහලේ ප්‍රභූවරුන් වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදිවෙන බැවිණි. එම කාමරවල නානකාමර වැසිකිළි පවා දුරස්ථ පාලකවලින් ක්‍රියාත්මකවීමට සකස් කෙරෙන අතර එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කරන්නකි.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය ජනපති වෙනුවෙන් වෙන් නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව දැන් එය වෙන්වන්නේ ප්‍රභූවරුන් වෙනුවෙනි.එම ප්රභූවරුන්ද බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ය.
http://sinhala.sritvnews.lk/




0 comments:
Post a Comment