අපරාධ සිදු කරන සංක්‍රමණිකයන් පහසුවෙන් රටින් පිටුවහල් කිරීමට හැකිවන සේ නීතියේ වෙනස්කම් කිරීමට තම සහය පල කරන බව ජර්මානු චාන්සලර්වරිය ප්‍රකාශ කොට තිබේ.
ඇය මෙසේ පැවසූ පළමු වතාව මෙය බවයි වාර්තාවේ සඳහන් වන්නේ.
නව වසර උදා වූ රාත්‍රියේ කොලොන්ග් හි ඇති වූ කලහාකාරී සිදුවීම් රැල්ල පිළිබඳ සැකකරුවන් ගෙන් අඩක් පමණ පිරිස සරණාගතයන් බව බලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුවයි ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරිය එසේ පවසා ඇත්තේ.
නගරයේ පොලිස් ප්‍රධානියා ගේ රැකියාව අහිමි වීමට ද තුඩු දුන් සොරකම් සහ ලිංගික අතවර ඇතුළුව සිදුවීම් හේතුවෙන් නගරය තුළ කලබලකාරී වාතාවරණයක් ද ඇතිවිය.
සරණාගතයන් සඳහා ජර්මනියේ විවෘත ප්‍රතිපත්තිය විවේචනයට ලක් කරන අන්ත දක්ෂිණාංශික පෙගිඩා (Pegida) සංවිධානය විසින් අද නගරය තුළ විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.




0 comments:
Post a Comment