ගත වූ වසර 100 කට වැඩි කාලයක සිට ලෝකයේ බිහි වූ විශිෂ්ටතම නව නිපැයුම කුමක්දැයි ඇසුවොත් වැඩි දෙනෙකුගේ ප්‍රතිචාරය වන්නේ ටෙලිෆෝනයයි. ටෙලිෆෝනය නිසා අනාගත ලෝකය වෙනස් වන තරම අද අපට හිතා ගන්නවත් බැහැ. එය තව වසර විස්සකින් සන්නිවේදන ක්ෂේත්රයේ විශ්මිත දෑ කරාවි.
මුල්ම ප්‍රායෝගික ටෙලිෆෝනය නිපදවීම පිළිබඳ ගෞරවය දිනා ගන්නේ "ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් " ඔහු උපන්නේ ස්කොට්ලන්තයේ එඩින්බරෝහීදියි. ඔහු විද්‍යාඥයකු, නව නිපැයුම්කරුවකු, ඉංජිනේරුවකු නවෝත්පාදක නිපැයුම්කරුවකු ලෙස ප්‍රසිද්ධයි.
ඔහුගේ මවත් බිරිඳත් දෙදෙනාම බිහිරි වූ අය නිසා ඔවුන්ට ඇසෙන්නට යමක් කිව හැකි ශ්රවනාධාරයක් තැනීමට ඔහු වෙහෙසුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1876 දී ඔහු අතින් ටෙලිෆෝනය බිහි විය. මුල්ම ටෙලිෆෝනයේ හිමිකම් පත්‍රය 1876 මාර්තු 7 වැනිදා බෙල්ට ප්රදානය කරනු ලැබුණි.
ඔහු උනන්දු වුයේ ප්‍රකාශ සන්නිවේදනයේ, හයිඩ්රෆොයිල හා ගගනයානා තාක්ෂණයේ නව නිමැවුම් කරීමටයි. ඔහු "Society of National Geography" නමින් අද සොබාදහම වෙනුවෙන් අමිල මෙහෙයක් කරන ආයතනය පිහිටුවීමටත් පුරෝගාමී වුණි.
1875 දී ඔහු විදුලිය ශබ්දය බවට පෙරළිය හැකි සරල රිසීවරයක් තැනුහ. වසරක් යාමට මත්තෙන් ලොව ප්‍රථම ටෙලිෆෝන් හුවමාරු මධ්‍යස්ථානය කනෙක්ටිකට්වල පිහිටුවනු ලදී. 1877 දී "බෙල් ටෙලිෆෝන් සමාගම" ස්ථාපිත කෙරුණු අතර එහි තුනෙන් එකක කොටස් හිමි වූයේ බෙල්ටයි. ටෙලිෆෝනය නිසා ඔහු ඉතා ඉක්මනින් ධනවතකු බවට පත් විණි.
ප්‍රථම වතාවට ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ගේ කටහඬ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගෙන ඇත. ඒ පැරණිම ශබ්ද පටි ගත කිරීම් අතරින් කළ සොයා ගැනීමක ප්‍රතිපලයක් ලෙසයි. ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරයේ (ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ) පර්යේෂකයන් පිරිසක් විසින් මේ අපූරු සොයා ගැනීම කර ඇත. 1885 දී ඉටි තැටියකට නගනු ලැබූ මේ කටහඬ මතුකර ගෙන ඇත්තේ ඒ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට කිසිවකු විසින් පරිත්‍යාග කර ගබඩා කර තිබූ පැරණි තැටියක් මගිණි.
එම තැටියේ බෙල්ගේ අත්සන යොදා ඇති බව පර්යේෂකයන් සොයාගනු ලැබුහ. එහි සටහන්ව තිබුණේ 1885 අපේ‍්‍රල් 15 කළ පටි ගත කිරීමක් යනුවෙන්ය. ඒ සමග වූ සටහන්වල ඒ තැටිය නිපදවා ඇත්තේ වොෂින්ටන්හී බෙල්ගේ වෝල්ටා රසායනාගාරයේ බව ද සඳහන්ව තිබුණි. එහි මෙසේ පටි ගත වී තිබුණි.
"මේ මගේ කටහඬයි. මම ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්” ඔහුගේ කටහඬින්ම ඔවුන්ට අසන්නට ලැබුණි.
"අප හැමගේම කට හඬවල් අපට අසන්න සැලැස් වූ ඒ අපූරු මිනිසා "ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්”ගේ කටහඬ හඳුනා ගැනීම හා එය අසන්නට ලැබීම ඇත්තෙන් ම ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්.” යැයි ස්මිත්සෝනියන් ඇමරිකානු ජාතික කෞතුකාගාරයේ අධ්යක්ෂ ජෝන් ගේ‍්‍ර පවසයි.
2011 වසරේ අගභාගයේ දී විද්‍යාඥයන්ට බෙල්ගේ මේ ඉපැරණි පටි ගත කිරීම් ප්‍රථම වරට ඇසිය හැකි වූයේ ඒ ඉටි තැටියේ වූ ඉතා සියුම් හෑරීම් සංඛ්‍යාංක ක්‍රමයට කියවීමට හැකි නව තාක්ෂණයක් බිහි වීම නිසයි. විද්‍යාඥයන් ඒ සඳහා ආලෝකයත් ති‍්‍රමාන කැමරාවකුත් යොදා ගන්නා ලදී.
ඒ වන විට ඔහු ස්මිත්සෝනියන් ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි. 1880 ගණන්වල බෙල් ඔහුගේ පරීක්ෂණාගාරයේ තිබූ පටි ගත කළ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ස්මිත්සෝනියන් ආයතනයට ලබාදුන්හ.
1992 අගෝස්තු මස 2 වන දින ඔහු මෙලොවින් සමු ගත්තේ එම දිනය දුක් බර දවසක් ලෙස ඉතිහාසයට එක කරමින් විශ්මිත නිපැයුමක ප්‍රථම හිමිකරු වශයනි.
විශ්මිත නිපැයුමක ප්‍රථම හිමිකරු
0 comments:
Post a Comment