1130x220 AdSpace

  • Latest News

    Thursday, January 21, 2016

    රස ගුණ පිරි පළතුරු ගැන ඔබ නොදත් දේ.............





    අපගේ ආහාරයට දිනපතා එක්විය යුතු අංගයක් ලෙස පළතුරු හැඳින්වීමට පුළුවන. ප්‍රධාන ආහාර වේලකින් පසු පළතුරු ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීම පහසු කරවයි. වැඩිහිටියකු දිනකට පළතුරු වේල් හතරක් හෝ පහක් පමණ ගැනීම ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යාමට උපකාරී වේ.


    පළතුරු ආහාරයට ගැනීම තුලින් අපට අත්වන වාසිදායක තත්ත්වයන් රැසකි.



    1. ආහාර රුචිය වැඩි කරයි.
    1. සිරුරේ රක්ත, මාංශ, අස්ථි, මජ්ජා යනාදී ධාතුන් මනා ලෙස පෝෂණය කරමින් සිරුර ආරක්ෂා කරයි.
    1. තරුණ බව රැක දෙයි.
    1. පිලිකා වලකයි.
    1. හිසකෙස් වඩවයි.
    1. ඇස් පෙනුම වර්ධනය කරයි.
    1. කට මිහිරි කරයි.
    1. සමේ රෝග මර්ධනය කරයි.
    1. පළතුරු වල අඩංගු මෘදු කෙඳි ස්වභාවය නිසා මළ පදාර්ථ සිරුරෙන් බැහැර කිරීම පහසු කරවන අතර මළ බද්ධය වලකාලයි.




    පළතුරු ආහාරයට ගැනීමේදී අප විසින් පහත සඳහන් කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.





    නෙලාගත් විගස පිරිසිදුව පළතුරු ආහාරයට ගැනීම කල යුතුය.


    පළතුරු කල් තබා ගැනීමට කෘතීම ක්‍රම වෙනුවට ස්වභාවික ක්‍රම භාවිතා කල යුතුයි.


    කෘතීම කල තබා ගැනීමේ ක්‍රම මඟින් පළතුරු වල ස්වභාවික පෝෂණය හීන වීම සිදුවේ.


    උදැසන පළතුරු යුෂ පානය ඉතා ගුණදායක වන අතර ශරීරය ප්‍රබෝධවත්ව තබයි.


    පළතුරු යුෂ එවලේම සකස් කර පානයට ගතයුතුය.
    ඇඹුල් රස අධික පළතුරු උදර දාහය සහිත රෝගීන්ට අගුණ වේ.

    උපුටා ගැනීම ඔසුමිණ ඇසුරින්.

    (වෛද්‍ය ජේ. පී. එම්. එන්. ජයවීර පටබැඳි. B. A. M. S. (ගෞරව) ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බදුල්ල කොට්ටාශය ) 
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රස ගුණ පිරි පළතුරු ගැන ඔබ නොදත් දේ............. Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top