"Honda" ලෝකයේ පෙරලියක් කල නාමයක් ලෙස අද ලොව සියලූ දෙනා අතර ජනප්‍රියව පවතින නාමයකි. මෙම හොන්ඩා යතුරු පැදියේ නිර්මාතෘ එසේත් නොමැතිනම් හොන්ඩා සමාගමේ නිර්මාතෘ වනුයේ 1906 දී ජපානයේ කුඩා නගරයක උපත ලද "Soichiro Honda" යි. "Soichiro Honda" කුඩා කල සිටම යන්ත්‍රසූත්‍ර කෙරෙහි දැඩි ලෙස උනන්දුවක් දැක්වූ අයෙකි. පාසලේදී ඉගෙනීමට ඔහු ඉතා දුර්වල ශිෂ්‍යයෙක් බවටයි සඳහන් වන්නේ.
"හොන්ඩා" තුල දැඩි උත්සාහයත් කැපවීමත් නොඅඩුව තිබුන බැවින් ඔහු නව යන්ත්‍ර සූත්‍ර සොයාගැනීම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. ශරීර ශක්තියෙන් ස්වභාවිකවම අඩු පුද්ගලයකු වූ "හොන්ඩා" විවිධ අයගේ උසුළු විසුළු වලට පවා නිතරම ලක්වුනා. ඔහු ඒ කිසි දෙයකින් සැලුනේ නෑ.
අවුරුදු පහළොවේදී "හොන්ඩා" ටෝකියෝ නගරයට පැමිණ ගරාජයක වැඩට එක් වුනා. ඒ තුලින් යන්ත්‍රසූත්‍ර පිළිබඳව මනා දැනුමක් ඔහුට ලැබුනු අතරම වයස අවුරුදු විස්සේදී ඔහු තමාගේම ගරාජයක් ආරම්භ කිරීමට ගමට පැමිණියා. තම පියාගේ කුඹුරේ වැඩ කටයුතුවලටත් සහාය වෙමින් "හොන්ඩා" විවිධ නව නිර්මාණ අත්හදා බැලූවා. අවුරුදු තිහේදී ඔහු තමා නිපදවූ ලෝහවලින් සෑදූ ස්පෝක් ඇති රෝදයට පේටන්ට් අයිතිය ලබාගත්තා. පසුව ඔහු අලූත් පිස්ටන් වර්ගයක් නිපදවූ අතර ඒ සඳහා ඔහු කර්මාන්ත ශාලාවක්ද ආරම්භ කලා. නමුත් ටික කලකින් ඔහුගේ කර්මාන්තය පහළට ඇද වැටුණි.
පිස්ටන් සෑදීමට තම දැනුම මඳ බව සිතූ "හොන්ඩා"ඒ පිළිබඳව වැඩිදුර ඉගෙනීමට විශ්ව විද්‍යාලයකට ඇතුලූ වුනා. පසුව නැවතත් තම පිස්ටන් ව්‍යාපාරය දියුණු කර ගැනීමට හොන්ඩා සමත් වුවත්, දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව ජපානයට හෙලූ බෝම්බ වලින් "හොන්ඩා" ගේ කර්මාන්තශාලා මහපොළොවට සමතලා වුනා.
නමුත් කිසිවිටෙකත් හොන්ඩා පසුබට වූයේ නෑ. ලෝක යුද්ධයෙන් හෙම්බත්ව සිටි තම රටේ ජනයාට මෝටර් රථයක මිල දැරිය නොහැකි බව "හොන්ඩා" වටහා ගත්තා. ඒ ඔස්සේ තම නිර්මාණශීලී හැකියාව යොදාගෙන ඔහු මෝටරයක් සවිකල බයිසිකලයක් නිපදවූවා. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් එය දියුණු කල "හොන්ඩා" යතුරු පැදිය නිපදවීමට සමත් වුනා.
දිරිමත්ව, නොපසුබස්නාසුලූ උත්සාහයෙන් ජීවිතයට මුහුණ දුන් මේ මිනිසා අතින් වත්මන් ලෝකයට දායාද වී ඇති අපූර්ව වූ නිර්මාණයක් වූ "Honda" යතුරු පැදියක් දුටු ඔබට කිසි දිනෙක එම යතුරු පැදිය පිටුපස ඇත්තේ මෙවන් වූ කතාවක් යැයි කෙදිනකවත් නොසිතෙන්න ඇති. "හොන්ඩා" තම ජීවිතයෙන් මුලූ ලොවටම අපූරු ආදර්ශයක් සපයනවා.
“දෛවය අපට කොතෙකුත් සරදම් කරනු ඇත. නමුත් එයින් අධෛර්යයට පත්නොවී උත්සාහයෙන්,
ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන්නා ජීවිතය ජය ගනියි! යනු එම ආදර්ශයයි..
https://youtu.be/Jz1xvAxz6sk
0 comments:
Post a Comment