1130x220 AdSpace

  • Latest News

    Saturday, April 9, 2016

    මාර්තු 20 වැනි දා අපේ අර්ධ ගෝලයට "නව වසර" උදා වේ



    අප වාසය කරන ගෘහය අපේ ගෙදර ද, ගම අපේ ගම ද, රට අපේ රට ද වන්නා සේ ම මේ පෘථිවියේ අප වෙසෙන අර්ධ ගෝලය අපේ අර්ධගෝලය සේ සැලකීමේ වරදක්‌ නැතැයි සිතමි. 

    අපේ නිවස පිළිබඳව අවධානය යොමු කරනවා සේ ම අපේ අර්ධ ගෝලයේ පවතින සහ ඉදිරියට පැවතිය හැකි පාරිසරික හෝ රසායනික හෝ භෞතික හෝ තත්ත්ව පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතු ම ය.
    මීට වසර කෝටි 1350කට පමණ පෙර මහා පිපිරුමෙන් ආරම්භ වූ විශ්වයේ, අපේ පෘථිවිය යම්කිසි ස්‌ථාවර භෞතික තත්ත්වයකට පත් වී මේ වන විට වසර කෝටි 460ක්‌ පමණ වන බව විද්‍යාත්මක සාධක මගින් තහවුරු වී ඇත. එදා සිට පෘථිවි භූමියේ සහ වායුගෝලයේ සිදු වූ භෞතික සහ රසායනික පරිවර්තන රැසක ප්‍රතිඵලයක්‌ ලෙස අද අප ජීවත් වන ගෝලීය තත්ත්වය ඇති වී තිබේ.

     උපුටා ගැනිම vidusara පුවත් පත
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මාර්තු 20 වැනි දා අපේ අර්ධ ගෝලයට "නව වසර" උදා වේ Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top