1130x220 AdSpace

  • Latest News

    Tuesday, May 26, 2015

    අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පාන අංගම් ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමය.................................




    අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැකගත්තෝ මෙම අංගම් ශිල්පීහුය. අංගම් ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. මෙම අංගම් සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බව පැවසේ. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝගීබවත් මෙම සටන් කලාවේ  අනිවාර්ය අංග වේ.
    අංගම් ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණිය. මෙය යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන බව පැවසේ.


    අංගම් ශාස්ත‍්‍රය අංගම්, ඉලංගම් හා මායා අංගම් යනුවෙන් කොටස් තුනක් ඇත. අංගම් අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගම් ආයුද රහිත සටනයි මායා අංගම් යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයා විරහිත කරවූ බව අතීතයේ සඳහන්ය. ශූර අංගම් ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.




    අංගම් ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇත. එය රාවණ යුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු ද මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කර  ඇති බව පැවසේ.
    රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගම් සටන් එළිදැක්වුණු අවස්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගම් හරඹ වලින් යුක්ත වී ඇත.



    එසේම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගම් සටන් එළිදැක්විණි.




    අංගම් ශාස්ත‍්‍රයේ තැරැක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.







    අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. අංගම් හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. 

    අංගම් ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි  මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගම් ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. 






    ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගම් හරඹ ශිල්පය රැකගැනීමට උත්සහ දැරීම අප කාගේත් යුතුකමයි. 

    එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රම ඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගම් ශිලපයේ පවතින බව පැවසේ.



    උපුටා ගැනීම සියල්ල අන්තර්ජාලයෙනි.



    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පාන අංගම් ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමය................................. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top