අධ්ක උෂ්නත්වය,ජල ගැලීම්,ගිනි කඳු, හිම කඳු දිය වීම්, සාගර ජලය ගොඩ ගැලීම්, භූ කම්පනයන් වැනි ස්වභාවික විපත් අප වාසය කරන පෘථිවිය පුරා වෙනදට වඩා වේගවත් අයුරින් සිදුවීම ලෝක විනාශය පිලිබඳ අනතුරු හැගවීමක්ද? පෘථිවිය මිය යමින් මිනිස් වාසයට යෝග්‍ය නොවන අන්දමට පරිවර්තනය වුවහොත් වාසයට සුදුසු ග්‍රහලෝකයට යාමට ඔබත් නොසිතන්නේද?
දේශගුණික විද්‍යාඥයින්ගේ මතය අනුව මෑතක සිට සිදුවන දේශගුණික විපර්යාසයන් මේ අයුරින් දිගින් දිගින් දිගටම සිදුවුවහොත් ලෝකය විනාශ වීමේ අවධානම ඉතාමත් වැඩිය. පසුගිය වකවානු වල නිෂ්පාදනය වුන හොලීවුඩ් චිත්‍රපට අතර "2012" හා "Intestellar" ප්‍රබන්ද කතාවන් වුවද ලෝක විනාශය සිදු වීම පිලිබඳ ප්‍රේක්ෂක සිත් තුල බියක් ඇති කිරීමට සමත් වූ බවට ප්‍රකට කරුණක්, මෙයින් "Intestellar" චිත්‍රපටය මිනිසුන්ට අලුත් ආකාරයේ බලාපොරොත්තුවක් දුන් බව සනාථ කිරීමට පුළුවන.
https://youtu.be/_-g51gom_54
මනුෂ්‍යා ගවේෂකයෙකි. කුඩා දරුවෙක් ඉපදී කෙමෙන් වැඩෙන අතර අලුත් දේ කිරීමට උත්සහ දරයි. කුතුහලය දනවන දේ ගැන අත් හදා බලයි. අද මෙන් ඉතිහාසයේද මනුෂ්‍යා ගවේෂණයේ යෙදුන බව දැනට ලැබෙන තොරුතුරු මගින් අප දැනුවත් වෙමු. නව තාක්ෂණ ක්‍රම වේදයන් සමග විද්‍යාඥයින් අභ්‍යවකාශ ගවේෂණයේ ද යෙදුන අතර චන්ද්‍රිකා යැවීම, සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ ලෝක ගවේෂණය, ඉතාමත් සුක්ෂම දුරේක්ෂ උපයෝගී කර ගනිමින් සෞර ග්‍රහ මණ්ඩලයට එහා ඇති විශ්වයේ අනෙකුත් ග්‍රහ ලෝක හා තාරකා පරික්ෂා කරමින් සිටින අන්දම එදිනෙදා අපට ලැබෙන තොරතුරු වලින් දැන ගැනීමට පුළුවන.
අභ්‍යවකාශ අත්භූත අබිරහස් සෙවීම ගැන විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද අවධානය යොමුව ඇත. මෙරට ජීවත් වූ සුප්‍රකට තාරකා විද්‍යාඥයෙකු හා විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වූ Athur C Ckark ඔහුගේ විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් නිර්මාණය කල ක්‍රියාවලි අද යථාර්තයක් බවට පත්ව තිබීම අනුව විද්‍යා ප්‍රබන්ධ තුලින් පෙනෙන සිදුවීම් ඉදිරි අනාගතයේ ක්‍රියාත්මක වනු ඇතැයි අපට සිතිය නොහැකිද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා තව වසර සිය දහස් ගණනක් ගතවීමටද ඉඩ ඇත. දැනට ඇති දත්ත හා තාක්ෂනය තවත් දියුණු වීම ඒ සඳහා අවශ්‍ය වන අතර ඉංජිනේරු විද්‍යාවේද සීග්‍ර දියුණුවක් ඇති විය යුතුය.
මෙහිදී අවශ්‍ය වන තවත් කරුණක් නම් අභ්‍යවකාශ ගවේෂණය සඳහා දැවැන්ත වේගයක් සොයා ගැනීමයි. ස්වභාව ධර්මයෙන් අපට දායද වී ඇති ආලෝකයේ වේගයෙන් අභ්‍යවකාශයේ ගමන් කල හැකි වේ නම් එයද අප ලබන ජයග්‍රහණයක් ලෙස සිතීමට පුළුවන. ආලෝකයේ ගමන් වේගය තත්පරයකට සැතපුම් 186,000ක් ලෙස ගණන් බලා ඇත. මෙම ගණනය කිරීමට අනුව විශ්වයේ පවතින ග්‍රහලෝක දුර ප්‍රමාණය ආලෝක වර්ෂ වර්ග වලින් ගනන් බලා ඇත. මේ අනුව සූර්යාගෙන් විහිදෙන ආලෝකය අප පෘථිවිය කරා ඒමට මිනිත්තු 8 ක කාලයක් ගතවේ. එසේම සෞරග්‍රහ මණ්ඩලය අසල පිහිටි තාරකාවකට යාමට ආලෝක වර්ෂ 3ක් ගත වනු ඇත. අපගේ මන්දාකිනියේ මැදට ගමන් කිරීමට ආලෝක වර්ෂ 27,000ක් ගත වන්නේය. එසේම එම මන්දාකිනියේ සිට තවත් මන්දාකිනියක් කරා ගමන් කිරීමට ආලෝක වර්ෂ මිලියන දෙකක් ගත වනු ඇත. ආලෝකය විහිදී යන ආකාරයේ වේගයක් සොයා ගත්තද එය විශ්වයේ තාරක හා ග්‍රහලෝක අතර පවතින දුර ප්‍රමාණය අනුව ආලෝකය පැතිර යන වේගයටත් වඩා වැඩි වේගයක් සොයා ගැනීම අවශ්‍ය වන්නේය. මේ පිලිබඳ තාරකා විද්‍යාඥයින්ගේ හා භෞතික විද්‍යාඥයින්ගේ අවධානය යොමුව ඇත.
පෘථිවිය අතහැර තවත් ලෝකයකට පදිංචියට යාමට අවශ්‍ය වේගය මෙන්ම වාසයට සුදුසු ලෝකයක් සොයා ගැනීමටද අවශ්‍ය වේ. එනම් ජලය සහිත සාගර තිබිය යුතුය, එවැනි ලෝක මේ විශ්වයේ තිබෙන බවද පැවසෙයි. භෞතික විද්‍යාඥයින් පවසන අන්දමට සෑම තාරකා 10,000 කටම වාසයට සුදුසු එක ලෝකයක් පැවතිය හැකිය. වාසයට සුදුසු ලෝකයක් සෙවීමේදී පෘථිවිය මෙන් පරිසරයක් සහිත ලෝකයක් සෙවීම අවශ්‍ය වේ. සාගර පමණක්ම නොව අශ්වාසයට පිරිසිදු වාතය, අපට ගැලපෙන පරිසර පද්ධතියක් ද තිබීම වැදගත් වේ.
මේ අතර නාසා ආයතනය 2009 දී අභ්‍යවකාශ ගත කරන ලද "Kepler" අභ්‍යවකාශ යානය මගින් විශ්වයේ පවතින ග්‍රහලෝක 1004ක් සොයාගෙන ඇති අතර පෘථිවියට සමාන තත්ත්වයේ පවතින ග්‍රහලෝක 2ක් සොයාගෙන ඇති බව පැවසේ. මෙම ලෝක පෘථිවිය මෙන් දෙගුණයක් විශාලත්වයෙන් යුක්ත වන බව තාරකා විද්‍යාඥයින් විසින් හෙළි කොට ඇත. "Kepler" සොයා ගත් තවත් ග්‍රහ ලෝක 554ක් අපගේ ලෝකයත් සූර්යාත් පවතින සම්බන්ද තාවට සමාන සම්බන්දතාවක් ඒවා අයිති තාරකා සමග පවතින බවත් එම සම්බන්දතා අනුව ඒ ග්‍රහලෝක වල ජලය පැවතිය හැකි බවත් ඒ අතර පෘථිවියට හැම අතින්ම සමාන ග්‍රහලෝකයක් තිබිය හැකි බවත් නාසා ආයතනයේ ඒම්ස් පර්යේෂණ ආයතනයේ Fergal Mulali විද්‍යාඥයා පවසයි. මෑතක දී "Kepler" යානය පෘථිවියට සමාන ග්‍රහලෝක 8ක් සොයාගෙන ඇති අතර ඒවා සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ ඒවා වේ. මෙම ග්‍රහලෝක අටෙන් 2ක් එනම් "Kepler 438" හා "Kepler 442" යන ග්‍රහලෝක අපගේ පෘථිවියට සමාන අයුරින් පාෂාණමය පරිසරයක් පවතින බව ද සොයාගෙන ඇත. මේ අනුව මනුෂ්‍ය වාසයට සුදුසු වාතාවරණයක් ඇති කුඩා ප්‍රමාණයේ ග්‍රහලෝක කිහිපයක් "Kepler" උපයෝගී කරගෙන හඳුනාගෙන ඇති බව නාසා ආයතනයේ ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ Dug Coldwell විද්‍යාඥයා පවසයි.
0 comments:
Post a Comment