උමගක් කඩා වැටීම හේතුවෙන් එහි සැඟවී සිටි සිය සාමාජිකයන් හත් දෙනෙකු මරණයට පත් වී ඇති බව හමාස් පලස්තීන කැරලිකරුවෝ පවසති.
ගාසා තීරයේ ඊසාන දිග කලාපයට දින කිහිපයක් තිස්සේ කඩා හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මෙලෙස උමග කඩා වැටෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඊශ්රායල හමුදා සමග සටන් වදින හමාස් කැරලිකරුවන් එම කලාපයේ ඉතා දියුණු උමං මාර්ග ජාලයක් ගොඩනගා ඇති අතර ඒවා ඔවුන්ගේ අවි ආයුධ ගබඩා කිරීමට සහ කලාපය පුරා රහසිගතව එහා මෙහා ගමන් කිරීම සඳහා යොදා ගැනෙයි.
0 comments:
Post a Comment