1130x220 AdSpace

  • Latest News

    Tuesday, January 26, 2016

    ඇමරිකාවට හිම කුණාටුවක්

    23 ජනවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 13:41 GMT
    ශතවර්ෂයක් ඇතුළත වාර්තා වූ විශාල හිම කුණාටුවකට ඇමරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය මුහුණ දී ඇත.
    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාන්ත කීපයක ජනතාවගේ දෛනික කටයුතු ඇනහිට තිබේ.
    පළමු පැය කීපය ඇතුළත වොෂිංටන් අගනුවර හා ඒ අවට කලාපවල සෙන්ටිමීටර 20 ක් දක්වා හිම පතනයක් වාර්තා විය.
    අයහපත් කාලගුණයෙන් හේතුවෙන් සිය නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටි අතර මේ වන විට මංමාවත් සහ වීදි ජනශුන්‍ය වී තිබේ.
    කුණාටු සහිත කාලගුණය හේතුවෙන් ඇති වූ අනතුරුවලට මැදි වී පුද්ගලයන් ඇට දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව වාර්තා පෙන්වා දෙයි.
    එම අනතුරු බොහොමයක් වාර්තා වී ඇත්තේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන්.
    කුණාටු සහිත කාලගුණය ඉරිදා උදෑසන දක්වා පවතිනු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර සිටිති.
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඇමරිකාවට හිම කුණාටුවක් Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top