1130x220 AdSpace

  • Latest News

    Monday, February 1, 2016

    පාසල් ක්‍රීඩා: දරුවන් හය දෙනෙක් මියගිහි


    ගතවගිය වසර කිහිපය ඇතුලත පාසල් ක්‍රීඩා උළෙලවලදී දරුවන් හය දෙනකු හෘදයාබාධවලින් මියගොස් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
    2013 වසරේදී පාසල් දරුවන් සිවු දෙනකු පාසල් ක්‍රීඩා උළෙලවලදී මියගිය බව සංදේශය කළ විමසීමකදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර සම්බන්ධීකාරක වෛද්‍ය හිමාන් ද සිල්වා, 2014 දී එවැන්නක් වාර්තා නොවූ නමුත් තවත් දරුවන් දෙදනකු පසුගිය වසරේ පාසල් ක්‍රීඩාවලට සම්බන්ධ වී සිටියදී මියගිය බව පැවසීය.
    "ඒ මියගියපු දෙන්නගෙන් එක්කෙනෙක් මෙඩිකල් එකක් කරගෙනත් තිබුණ."
    මේ තත්වය යටතේ කය වෙහෙස කරන ක්‍රීඩා ඉසවු කිහිපයක් වෙනුවෙන් පාසල් ක්‍රීඩා උළෙලවලට සහභාගි වන දරුවන් මින් අනතුරුව අනිවාර්යයෙන්ම වෛද‍‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරයි.
    පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයකයි එම නියෝගය ඇතුලත් වෙන්නේ.
     ලංකාවේ වසරකට පාසල් දරුවන් ලක්ෂ නමයක් ක්‍රීඩා කරන බව පවසන වෛද්‍ය හිමාන් ද සිල්වා, ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පිණිස ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිලාභී වෛද්‍යවරු සිටින්නේ තිස් තුන් දෙනකු පමණක් බව සඳහන් කළේය. දැනට සේවයේ යෙදී සිටින්නේ එයින් විසි දෙදෙනකු පමණයි.
    එසේ ක්‍රීඩාවලට සම්බන්ධ වන දරුවන්ගෙන් ලක්ෂ පහකට වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය බවත් ඔහු පැවසීය.
    "මේ ලක්ෂ පහක් අවුරුද්දකට බලන්න බෑනේ වෛද්‍යවරු විසි දෙකකට?," වෛද්‍ය හිමාන් ප්‍රශ්න කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
    BBC.COM
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පාසල් ක්‍රීඩා: දරුවන් හය දෙනෙක් මියගිහි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top