ගූගල් මෝටර් රථයේ කෘත‍්‍රිම බුද්ධිය රියදුරකු ලෙස හඳුනාගත හැකියි..
ගූගල් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති රියදුරකු නොමැති ස්වයංක‍්‍රීය මෝටර් රථයේ ඇති කෘත‍්‍රිම බුද්ධිය රියදුරකු ලෙස හඳුනාගත හැකි බව ඇමරිකානු ජාතික මාර්ග ආරක්‍ෂණ පරිපාලන ආයතනය පවසා ඇත.
එම ආයතනය පවසා ඇත්තේ රථයේ හිමිකරුවන් වෙනුවට රථයේ කෘත‍්‍රිම බුද්ධිය රියදුරා ලෙස හඳුනාගත යුතු බවයි. මෙය ගූගල් ස්වයංක‍්‍රීය මෝටර් රථය ලැබූ විශාල ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.
කෙසේවෙතත් මෙය නිල තීරණයක් නොවන අතර ගූගල් රථය ඉක්මන් දිනයකදී සාමාන්‍ය මෝටර් රථ සමග සැරිසැරීමට අවසර ලබා ගනු ඇති බවක් ඉන් අදහස් නොවන බව පැවසේ.
ගූගල් රථය වැනි ස්වයංකී‍්‍රයව ක‍්‍රියාත්මක වන මෝටර් රථ වලට අවසර ලබාදීමට නම් ෆෙඩරල් මෝටර් රථ ආරක්‍ෂණ සම්මතයන් පිළිබඳ අංක 135 දරන පණත සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික මාර්ග ආරක්‍ෂණ පරිපාලන ආයතන වාර්තාවේ දැක්වේ.
මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම මෙන්ම රථයේ කෘත‍්‍රිම බුද්ධිය සයිබර් ප‍්‍රහාරවලින් ආරක්‍ෂා කිරීම ආදී අභියෝගයන්ට ගූගල් සමාගම මුහුණදී තිබේ.
රථය පරීක්‍ෂණ ධාවනයේ නිරතවූ සැතපුම් මිලියන 2 තුළ එය රිය අනතුරු 17කට මුහුණදී ඇතැයි පැවසේ.
මාර්ග නීති වලට අනුකූලව ධාවනය කිරීමට කෘත‍්‍රිම බුද්ධිය විසින් කටයුතු කළද මාර්ගයේ පවතින තදබදය අනුකූල ලෙස මිනිසුන් මෙන් ප‍්‍රතිචාර දැක්වීමට එයට නොහැකි වීම මෙම අනතුරු වලට ප‍්‍රධාන හේතුව බව වාර්තා වේ.
0 comments:
Post a Comment