13 පෙබරවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 16:36 GMT
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර ඇළ මාර්ගයකට ඇද වැටුණු මෝටර් රථයක් තුළ සිටි මවක සහ සිඟිති දරුවකුගේ ජීවිත විශ්මිත ආකාරයෙන් බේරා ගනු ලබන අයුරු වීඩියෝවක සටහන් වී ඇත.
උපකාර සඳහා පුද්ගලයන් සිව් දෙනකු මෝටර් රථය වෙත පීනා ගොස් ඇති අතර ගලකින් ගසා මෝටර් රථයේ පසුපස වීදුරුව කඩා මව සහ සිඟිත්තා බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.
ඉන් අනතුරුව ඉහත කී පුද්ගලයන්ගෙන් එක් අයකු නැවත ගොඩට පීනා ඔහුගේ මෝටර් රථයේ තිබූ මිටියක් රැගෙන විත් වීදුරුව කඩා දැමූ බව ප්රාදේශීය වාර්තාවල සඳහන්.
ඇළ මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථය සිඟිති දරුවාද සමග ඇළ දෙසට ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මව සහ සිඟිත්තා සුවෙන් පසු වන බව පැවසෙන අතර ඇළ වෙත පීනා ගිය පුද්ගලයන්ගේ නිර්භීත ක්රියාව පැසසුමට ලක් වී ඇත.
උපුටා ගැනිම.bbc.com
උපුටා ගැනිම.bbc.com
0 comments:
Post a Comment