කච්චතිවු දූපතේ සිට
කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගිවීම පිණිස ඉන්දියානු සහ ශ්‍රී ලාංකික බැතිමතුන් බෝට්ටුවලින් එම දූපතට පැමිණෙමින් සිටිති.
වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අනුග්‍රහයෙනි.
යාපනයේ අවසන් මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 47 ක් පමණ දුරින් ඉන්දියාව දෙසට වන්නටයි දූපත පිහිටා ඇත්තේ.
ජනාවාසයෙන් තොර ඉතා සුන්දර තැනක් වුවත් කච්චතිවු දූපත මිනිස් වාසයක් නොවීමට එක හේතුවක් වී තිබෙන්නේ එහි පානීය ජලය සපයා ගැනීමට ඇති දුෂ්කරතාවයයි.
ශාන්ත අන්තෝනි මුනිඳු
නාවික හමුදාව බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙන අතර බැතුමතුන් මෙම දූපතට පැමිණෙන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන් කෙරෙහි ඇති විශ්වාසය හේතුවෙනි.
ශාන්ත අන්තෝනි මුනිඳුන් තමන්ට පිහිට වෙන බවට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු ධීවර ජනයා අතර විශ්වාසයක් පවතී.
අක්කර 705 කින් පමණ සමන්විත මෙම දූපත ශ්‍රී ලංකාවට අයත් වුන ත් ඉන්දීය පුරවැසියන්ට දූපතට පැමිණීමේ දී ගමන් බලපත් සහ වීසා ලබා ගැනීමට අවශ්‍ය නොවන බවයි එහි පැමිණ සිටි සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක් කියා සිටියේ.
සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කිරීමේදී එම ගිවිසුමේ ඒ බව සඳහන් කොට ඇති බව කී එම නිලධාරියා බැතිමතුන් සමඟ පැමිණෙන ව්‍යා පාරිකයින් සහ වෙනත් පුද්ගලයන් රේගු නීතිරීති වලට පටහැණි දේවල් රැගෙන ඒම වැළැක්වීමට එම නිලධාරීන් කච්චතිවු දූපතට පැමිණෙන බවත් සදහන් කළේය.
අබලන් බෝට්ටු වලින්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් බාර නිලධාරී පී.වීරසිංහ කියා සිටියේ රාජසිංහ රජුගේ සමයේදී කච්චතිවු දූපත යුද කටයුතු සදහා යොදා ගත් බවට සාක්කි ඇති බවයි.
කෙසේ වෙතත් වාර්ෂික මංගල්‍යයට සහභාගි වීමට පැමිණි දෙරටේම බැතිමතුන් කියා සිටියේ යල්පැන ගිය අබලන් බෝට්ටු මගින් දූපතට පැමිණීමට සිදුවීම ඉතා අසීරු ගමනක් බවයි.
මේ නිසා බැතිමතුන්ගේ ගමනාගමන පහසුකම් පිළිබදව මීට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් අනුගමනය කරණ මෙන් ඔවුහු දෙරටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
අවසන් පූජාව ඉරිදා
සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සහ ඉරිදා උදෑසන පැවැත්වෙන විශේෂ දේව මෙහෙය වලින් පසු කච්චතිවු දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය අවසන් වන අතර ඉන් පසුව සාමාන්‍ය ජනයාට එම දූපතේ රැඳී සිටීමට නාවික හමුදාවෙන් අවසර නොලැබෙයි
0 comments:
Post a Comment