ඉන්දියාවේ දිල්ලි නුවර වයස අවුරුදු පහළොවේ දැරියක් පිළිස්සීමට ලක් කර ඇති අතර ඇය මේ වන විට ජීවිතයත් මරණයත් අතර තත්වයක පසු වන බවයි බලධාරීන් පවසන්නේ.
සීයට අසූවකට ආසන්න ප්රමාණයක් සිරුරේ පිලිස්සුම් තුවාල වලින් වේදනා විඳින දැරියට ගිනි තැබීමට පෙර ඇයව දූෂණයට ලක් කර ඇති බවයි දිල්ලි ජේෂ්ඨ පොලිස් නිලධාරි රාකේෂ් යාදෙව් පැවසුවේ.
මේ වන විට දිල්ලි පොලිසියි සැක පිට එක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කියා සිටින්නේ මෙම සැක කරු දැරිය හඳුනන පුද්ගලයෙකු බවට තොරතුරු හෙළි වූ බවයි.
අජෙයි ශර්මා නමැති මෙම සැක කරු දැරියට අයගේ නිවසේ විවෘත උඩු මහලට පැමිණ තමන් හමු වන ලෙස දන්වා ඇති අතර පසුව ඇය දූෂණය කොට ගිනි තබා ඇති බවටයි කරුණු හෙළි වී තිබෙන්නේ.
0 comments:
Post a Comment