1130x220 AdSpace

  • Latest News

    Tuesday, April 26, 2016

    ජීවිතයට ජ්‍යොතිෂ ඉඟි

    ගෑනු ළමයට සම්පත් !

    ඔයාට විපත් !
    '... අපි ළඟදීම කසාද බඳින්නයි ඉන්නේ. ගෑනු ළමයගේ පැත්තෙන් පොරොන්දම් බලපු ජ්‍යොතිෂවේදියා කියනවා දෙන්නා හොඳට ගැලපෙනවාය කියලා.
    නමුත් අපේ පැත්තෙන් පොරොන්දම් බලපු ජ්‍යොතිෂවේදියා කියන්නේ මේක විපත් නැකතක් නිසා කසාදය කරන්න එපා කියලයි. එකම කේන්දරේ බලන දෙන්නෙක් මේ විදිහට දෙවිධියකට කතා කරන්නේ ඇයි? ඇත්ත කියන්නේ කවුද කියලා හොයා ගන්නේ කොහොම ද..' ?
    පොරොන්දම් ගලපන විජ්ජාව අනුව නම් ඔය දෙන්නම කියන්නේ ඇත්ත. ගෑනු ළමයගේ ජන්ම නැකතේ සිට පිරිමි ළමයා උපන්න නැකත දක්වා ගණන් කළහම සම්පත්- ක්ෂේම- සාධක- මෛත්‍රී- පරම මෛත්‍රී වගේ සුබ නැකත් කාණ්ඩයකට වැටෙනවා නම් නක්ෂත්‍ර පොරොන්දම සුබයි කියනවා. නමුත් පිරිමි ළමයාගේ ජන්ම නැකතේ සිට ගෑනු ළමයගේ ජන්ම නැකත දක්වා ගණන් කරන කොට සමහර විට ඒක විපත් - වද -ප්‍රත්‍යාරී වගේ නැකත් කාණ්ඩයකට වැටෙන්න හොඳට ම ඉඩ තියෙනවා. එතකොට නක්ෂත්‍ර පොරොන්දම අසුබයි කියනවා. දැන් ඔය දෙන්නටත් වෙලා තියෙන්නේ මේ වගේ ඇබැද්දියක් වෙන්න පුළුවන්. ගෑනු ළමයට සම්පත් ! ඔයාට විපත් !
    මේ විදිහට පොරොන්දම් බලන්න ගියොත් ඔලුව ඔල්මොරොන්දම් වෙන එක පුදුමයක් නෙවෙයි. එකක් දෙකක් හැරෙන්න පොරොන්දම් විස්සෙන් අති බහුතරයකට ශාස්ත්‍රීය පදනමක් නෑ.
    ඒවා එකින් එක විග්‍රහ කරන්න ගියොත් පොතක් ලියන්න වෙනවා. ඒ නිසා කෙටියෙන් ම කියන්න වෙන්නේ පොරොන්දම් කියන්නේ පසු කාලයක ඇති වුණ බමුණු ප්‍රයෝගයක් කියලයි. අපිත් ඉතිං තාම ඒක බදාගෙන ඉන්න එක තමා කරුමෙ කියන්නේ.
    ද්වාර වේද දෝෂය කියන්නේ මොකක් ද ?
    ගෙයි ප්‍රධාන දොර ඉදිරිපිට හරි කෙළින් ගහක්- ගල් කනුවක් - මඩ වගුරක් - වගේ කුමන හෝ බාධකයක් පිහිටා තියෙනවා නම් අන්න ඒකට ද්වාර වේද දෝෂය කියලා කියනවා. ඇත්තට ම ඒක අසුබයි. ඊටත් වඩා අවලස්සනයි.
    සුබ නැකත් සහ සුබ මුහුර්ථ කියන්නේ එකක් ද දෙකක් ද ?
    පැහැදිලිව ම දෙකක්. නැකත් කියන්නේ රාශි චක්‍රයට එපිටින් තියෙන ස්ථිර තරු පොකුරු 27 ක්. ඒවා අස්විද- කැති- බෙරණ ආදී නම්වලින් හඳුන්වනවා. සඳු කිසියම් නැකතක් හරහා ගමන් කරමින් සිටිත්දී උපදින සියලු දෙනා ඒ ජන්ම නැකතට උරුමකම් කියනවා. මේ අනුව නැකතක් නැති මොහොතක් නෑ. නමුත් සුබ මුහුර්ථ නම් හැම වෙලාවෙම නෑ. පංචාංග ශුද්ධිය තියෙන සීමිත කාලයක් තමා සුබ මුහුර්ථය හැටියට හදුන්වන්නේ. ඒ සීමිත කාලය පවා ඉතා සූක්ෂමව කොටස්වලට බෙදලා තත්කාල කේන්දරය හදලා පංචම හෝරාව බලලා රාහු කාලය මග හැරලා තවත් බොහෝ දේ ශුද්ධ කරලා ගන්න මිනිත්තු දෙක තුනක කාලයට තමා සුබ මුහුර්ථය කියලා කියන්නේ. නැකත හදන්න දෙයක් නෑ. නමුත් සුබ මුහුර්ථය හදලා ගන්න ඕනේ. හැබැයි මේක ලේසි වැඩක් නම් නෙවෙයි.
    කෝණ මාසවල දරුවන්ට අකුරු කියවන්න හොඳ නෑ කියන්නේ ඇත්ත ද?
    අපොයි ඒක මොන බොරුවක් ද ? දරුවන්ට අකුරු කියවන්න ඉතාම හොඳ යෝග පිහිටන්නේ කෝණ මාසවලයි. මේ වගේ මනස්ගාත කොහෙන් පැතිරෙනවද මන්දා ...?
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජීවිතයට ජ්‍යොතිෂ ඉඟි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top