1130x220 AdSpace

  • Latest News

    Tuesday, May 12, 2015

    ලෙනක් තුල සැඟවුණු අපූරු ගංගාව සහ වනාන්තරය ,,,,,,,,,,,,,,



    ලොව විශාලතම ලෙන ගැන ඔබ අසා ඇත්ද?  වියට්නාමයේ  "Phon Nha-Ke Bang" නම් ජාතික උද්‍යානයේ පිහිටා ඇති මෙම ලෙන "Son Doong Cave" නමින් හැඳින්වේ. මෙහි වනාන්තරයක් සහ ගංගාවක් පිහිටා තිබීම ඉතාමත් සුවිශේෂී කරුණක්, එමෙන්ම තට්ටු 40ක් පමණ උස ගොඩනැගිල්ලක් තැනීම සඳහා සුදුසු වූ පරිසරයකින්ද සමන්විත වේ. 

    ස්වභාව සෞන්දර්යයේ නැවුම් සුන්දරත්වය එලෙසම මෙම අති විශාල වූ ලෙන තුල දැක ගැනීමට හැකියාව ඇත. මේ සුන්දරත්වයත් සමග මෙහි සංචාරය කිරීම ඉතාමත් සුවිශේෂී අත්දැකීමක් වනවා නොඅනුමානයි.
    "Son Doong Cave"  නම් "කඳුකර ගඟ ලෙනයි". වසර මිලියන 2කට පෙර දී මෙම ලෙන නිර්මාණය වී තිබේ. කන්ද පාමුල ඇති හුණු ගල් ස්තරය ඛාදනය වීමෙන් මෙලෙස ලෙන නිර්මාණය වී ඇත. 1991 දී දේශීය ගොවියෙකු විසින් සොයා ගන්නා ලද මෙම ලෙන ප්‍රථම වරට ගවේෂණය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු විසිනි.


    මෙම ලෙනෙහි දිග සැතපුම් 87ක් වන අතර එතුල සත්වයින් මෙන්ම විල්, වැසි වනාන්තර, වෙරලක් සහ ගංගාවක් ද පිහිටා ඇත. පලමු වරට සංචාරකයින් මෙම ලෙනට පැමිණියේ 2013  වර්ෂයේ දීය.


    මෙහි සංචාරය කිරීමට හැකියාව ඇති අතර දින 7ක් එහි ගත කිරීමටත් රාත්‍රියේදී කඳවුරු බැඳීමටත් හැකියාව ඇත. මෙයට ඩොලර් 2,300 ක මුදලක් එක් අයෙකු  සඳහා වැයවේ.






    මෙහි සංචාරය කිරීමෙන් ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වය විඳීමට ඔබටත් දැන් හැකියාව ඇත.

    මෙතනින් වීඩියෝව නරඹන්න.
    https://youtu.be/nzoLZoTqQa8


    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලෙනක් තුල සැඟවුණු අපූරු ගංගාව සහ වනාන්තරය ,,,,,,,,,,,,,, Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top