1130x220 AdSpace

  • Latest News

    Wednesday, May 13, 2015

    ඔබේ සම වයසට යාමෙන් ආරක්ෂා කර ගැනීමට මෙය අනුගමනය කර බලන්න...............




    ඇතැම් වැරදි ආහාර පුරුදු වලට ඇලුම් වීම නිසා සම අකලට වියපත් වන අතරම සමෙහි ඇති ගුණාත්මක භාවයද පිරිහී යන බව දැනට සොයාගෙන ඇති කරුණකි. ශරීරයට මෙන්ම සමටද අනුභව කරන ආහාර වලින් බලපෑමක් ඇති වෙන බව ඔබ දන්නවාද? 

    මෙවැනි ආහාර වලට ඔබත් ඇලුම් කරන්නේද?




    පැණි රස කෑම වර්ග 

    ගොඩක් දෙනෙකුගේ ප්‍රියතම ආහාරයක් ලෙස පැණි රස කෑම වර්ග ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. මේ හේතුවෙන් "Glycation" කියන තත්ත්වය ඇති වීමට ඉඩ ඇත. එම සංයෝගය විසින් සම වයසට පත්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමක් සිදු කරයි.




    ඇල්කොහොල් 


    ඔබ ඇල්කොහොල් භාවිතයට පුරුදු වූ කෙනක්ද? ඇල්කොහොල් නිසා ශරීරයේ විෂ ද්‍රව්‍යන් ස්වාභාවිකවම ශෝදනය කිරීමට අක්මාව අසමත් වෙනවා. එම නිසා විෂ ද්‍රව්‍ය හේතුවෙන් අහිතකර බලපෑමක් සමට ඇති වෙන අතර කුරුලෑ ඇති වීම සහ සම රැලි වැටීමක්ද ඇති වීමට හැකියාව තිබේ.






    පුළුස්සන ලද මස් වර්ග

    පුළුස්සන ලද මස් වර්ග වල "ප්‍රෝ- ඉන්ෆ්ලම්මෙටෝරි හයිඩ්රෝකාබන්" අන්තර් ගත වේ. මෙහි අහිතකර බලපෑමෙන් සමෙහි වූ කලජන් වලට හානි සිදුවේ.





    ලුණු මිශ්‍ර ආහාර වර්ග 


    ඔබ වෙළඳ පොලෙන් මිලදී ගන්නා අල පෙති වැනි බැදුම් වර්ග වල කොතරම් ලුණු ප්‍රමාණයක් අනතර් ගත වෙනවද ඔබ දන්නවාද? ටින් කරන ලද මාළු කල් තබා ගන්නා නිෂ්පාදන සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යන් හා සෝඩියම් හේතුවෙන් සම ඉදිමුණු ස්වාභාවයකට පත් වේ. ඔබ භාණ්ඩ මිලදී ගැනීමේදී ලේබලය පරීක්ෂා කර බලා එය තහවුරු කර ගන්න.







    කලින් පිසින ලද මාංශ වර්ග

    සොසේජස් වැනි නිෂ්පාදන වලට "සල්ෆයිට්" එකතු කරන බව ඔබ දන්නවද? ඒවා කල් තබා ගැනීම පිණිස මෙලෙස "සල්ෆයිට්" එකතු කරනු ලබයි. එයින් ඔබේ සම අකලට වියපත් වූ සමක් බවට පත් කරනු ලබයි.





    මෙතෙක් කල් ඔබ නොදැන සිටි  මේ තත්ත්වය ගැන සිතා බලා ඔබගේ තරුණ පෙනුම ආරක්ෂා කරගෙන වඩාත් සෞඛය සම්පන්න ජීවිතයක් ගත  කිරීම සඳහා නැවුම් වූ එළවලු පලතුරු හැකි පමණ භාවිතයට ගැනීමට ඔබත් හුරු වන්න. 


    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ සම වයසට යාමෙන් ආරක්ෂා කර ගැනීමට මෙය අනුගමනය කර බලන්න............... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top