1130x220 AdSpace

  • Latest News

    Thursday, January 28, 2016

    19 න් පහල ලෝක ශූරතාවලිය: 'බලාපොරොත්තුව කුසලානය'

    28 ජනවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 10:47 GMT
    බංග්ලාදේශයේදී බදාදා ආරම්භ වූ 19 න් පහල ක්‍රිකට් ලෝක ශූරතාවලියේදී පළමු වතාවට ශ්‍රී ලංකාවට ජගත් කුසලානය දිනාදීම සිය බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසයි.
    ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් කුසලානය වෙනුවෙන් කලක් මුළුල්ලේ හොඳින් පුහුණු වූ බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ රංජිත් මදුරසිංහ, එබැවින් කණ්ඩායම ඉතා හොඳ මානසික තත්වයක පසුවන බව පැවසීය.
    බදාදා චිතගොං නගරයේ පැවති සමාරම්භක තරඟයේදී ලෝක ශූර දකුණු අප්‍රිකාව ලකුණු 43 කින් පරාජය කරමින් සත්කාරක බංග්ලාදේශය දැක්වූ දස්කම් කැපී පෙනුනි.

    'Motivation එක'

    බී කාණ්ඩයේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා ශූරතාවලියට අවතීර්ණ වන්නේ කැනඩාවට එරෙහිව තරඟ වදිමින්.
    කැනඩාව සහ ඇෆ්ඝනිස්තානය හැරුණු කොට බී කාණ්ඩයේ ශ්‍රී ලංකාව සමඟ තරඟ කරන්නේ පාකිස්තානය.
    මෑතදී පැවති තරඟාවලියකදී පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව මුලින්ම සිය කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත්වීමට උත්සාහ කරන බව පවසන කළමනාකරු රංජිත් මදුරසිංහ, කණ්ඩායමේ සංයුතිය පිළිබඳවත් තමන් ඉතා සුභවාදී බව සඳහන් කළේය.
    1996 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ජගත් කුසලානය දිනාගත් අතර, ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමටද ශ්‍රී ලංකා පිල සමත්විය.
    "ඒක තමයි අපිට තියෙන motivation එක. ඒ නිසා කණ්ඩායමේ ඔක්කොගෙම අරමුණ, 19 න් පහල කණ්ඩායමක් ලංකාවට ලෝක ශූරතාවයක් දිනා දෙන්න තමයි," රංජිත් මදුරසිංහ වැඩිදුරටත් පැවසීය.
    මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේ චරිත් අසලංක විසින්.

    BBC.COM
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 19 න් පහල ලෝක ශූරතාවලිය: 'බලාපොරොත්තුව කුසලානය' Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top