1130x220 AdSpace

  • Latest News

    Friday, January 29, 2016

    ලංකා පාපන්දු කණ්ඩායම් දෙකට පුහුණුවක්



    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන  ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම නුවරඑළියේ පුහුණුවීම් කටයුතුවල යෙදී සිටියි. කාන්තා පාපන්දු කණ්ඩායම සිංගප්පූරුවේ පුහුණු තරග දෙකකට එක්ව සිටින අතර සිංගප්පූරු 19න් පහළ පිල සමග පැවැති පළමු පුහුණු තරගයේදී ගෝල් 3-2ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලැබූහ.

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු තරග ගුවහාතීහිදී හා කාන්තා පාපන්දු තරග ෂිලෝන්ග්හීදී පැවැත්වේ. ගුවහාතී නගරයේ දේශගුණය මේ දිනවල සෙල්සියස් අංශක 18ක් පමණවන අතර ෂිලෝන්ග්හී දේශගුණය සෙල්සියස් අංශක 12ක් පමණ වේ. (ලිපි පලකිරිම යොවුන් ටිවි) මේ තත්ත්වයට හුරුවීම උදෙසා පිරිමි පාපන්දු කණ්ඩායම නුවරඑළියේ පුහුණුවීම්වල යෙදීමට සැලසුම් කළ බව පුහුණුකරු සම්පත් පෙරේරා මහතා පැවැසීය.

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග කාල සටහන අනුව පිරිමි කණ්ඩායමට ඉන්දියාව හා මාලදිවයින මූලික වටයේදී හමුවේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පෙබරවාරි මස 6වැනිදා පැවැත්වෙන අතර 8 වැනිදා මාලදිවයින සමග තරගය පැවැත්වේ. ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 188වැනි ස්ථානයේ සිටින අතර ඉන්දියාව 163වැනි ස්ථානයේ හා මාලදිවයින 157වැනි ස්ථානයේ පසුවේ.

    කාන්තා පාපන්දු මූලික වටයේදී ශ්‍රී ලංකාවට, මාලදිවයින හා නේපාලය හමුවීමට නියමිතය. පෙබරවාරි 7 වැනිදා මාලදිවයින කණ්ඩායම සමග හා 9 වැනිදා නේපාලය සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සටන් බිමට පිවිසෙති. කාන්තා පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 124වැනි ස්ථානයේ සිටින අතර නේපාලය 114වැනි ස්ථානයේ හා මාලදිවයින් ක්‍රීඩිකාවෝ 129 වැනි ස්ථානයේ පසුවෙති.

    පිරිමි හා කාන්තා පාපන්දු කණ්ඩායම් දෙකම මූලික වටයේ තරගයක ජය වාර්තා කිරීමට සමත් වුවහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාකර ගත හැක. අවසන් වරට 2010දී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පාපන්දු තරගවලින් කිසිදු පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව උදා නොවුණි.

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලංකා පාපන්දු කණ්ඩායම් දෙකට පුහුණුවක් Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top