1130x220 AdSpace

  • Latest News

    Sunday, January 24, 2016

    ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 නිකුත් කෙරේ..

























    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නවතම පාරිභෝගික මිල දර්ශකය වන “ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015” ප්‍රකාශයට පත් කොට තිබේ.
    2015 දෙසැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.2 ලෙස දැක්වේ. එය නොවැම්බර් මාසයේ දර්ශකය(112.0) හා සංසන්දනය කළ විට දර්ශකාංක 1.2ක වැඩිවීමකි. එනම් 1.1% වැඩිවීමකි. ඒ සඳහා ආහාර කාණ්ඩයේ වටිනාකම් වෙනස 0.9%ක් හා ආහාර නොවන කාන්ඩයේ වටිනාකම් වෙනස 0.1%කින් වැඩිවීම බලපා තිබේ.
    ආහාර කාණ්ඩයේ වටිනාකම් වෙනස වැඩිවීම සඳහා එළවළු, අමු මිරිස්, සහල්, අළුත් මාළු, යෝගට්, බිත්තර, පොල් සුදුළූණු සහ රතුළූණු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීම බලපා ඇත. නමුත් ලොකු ළූණු, දෙහි, අර්තාපල්, වියළි හාල්මැස්සන්, කුකුල් මස්, මයිසූර් පරිප්පු, අඹ, කෙසෙල් හා කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් දක්නට ලැබේ.
    ආහාර නොවන කාණ්ඩයේ වටිනාකම් වෙනස වැඩිවීම සඳහා මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ, මත්ද්‍රව්‍ය සහ ප්‍රවාහන යන කාණ්ඩවලට අයත් භාණ්ඩ මිල වැඩිවීම බලපා ඇති අතර ප්‍රවාහන කාණ්ඩයේ වටිනාකමේ වෙනස වැඩිවීම සඳහා මුළුමනින්ම බලපා ඇත්තේ ගුවන් ගමන් ගාස්තුවල වැඩිවීමයි.
    L.P ගෑස් හා භූමි තෙල් මිල අඩු වීම නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන කාණ්ඩයේ අඩුවීමට බලපා තිබේ.
    මේ අනුව නොවැම්බර් මාසය සඳහා 4.8%ක් වූ උද්ධමන අගය, දෙසැම්බර් මාසයේ දී 4.2%ක් ලෙස පහත වැටීමක් පෙන්නුම් කෙරේ.

    – news.lk+

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 නිකුත් කෙරේ.. Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top