උතුරු කොරියාව විසින් එල්ල කර ඇති න්‍යෂ්ටික අවදානම මැද හවායි දිවයින්හි පිහිටුවා ඇති ඒජිස් මිසයිල ආරක්ෂණ කඳවුර සංග්‍රාමික සංකීර්ණයක් බවට පත්කිරීමට ඇමරිකාව විසින් සලකා බලමින් සිටින බව වාර්තා වේ.
මේ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර ඇමරිකානු පැසිපික් විධානයේ ප්‍රකාශක කපිතාන් ඩැරින් ජේම්ස් පවසා ඇත්තේ හවායි, ගුවාම් සහ මහාද්වීපික ඇමරිකාව බැලස්ටික් මිසයිල තර්ජනයකින් ආරක්ෂා කරගත හැකි ආකාරයන් පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡ සිදුකෙරෙමින් පවතින බවයි.
කවායි දිවයිනේ පිහිටා ඇති ඒජිස් කඳවුර සංග්‍රාමික සංකීර්ණයක් බවට පත්කළ හැකි බවද ඔහු පවසා තිබේ.
උතුරු කොරියාව විසින් කුඩා පරිමාණයේ හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලූ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාව විසින් පැසිපික් කලාපයේ මිලිටරි බලය නැංවීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.
කවායි දිවයිනේ කඳවුර මෙලෙස වර්ධනය කිරීම සඳහා අනුමැතිය හිමිවුවහොත් එයට අවශ්‍ය නවීන අවි පද්ධති සහ අමතර හමුදා භටයින් සඳහා ඩොලර් මිලියන 41ක් වැයකිරීමට ඇමරිකානු ජනතාවට සිදුවනු ඇති ඇත.
මේ අතර පැසිපික් කලාපයේ නාවික බලයක් වන චීනය පවසා ඇත්තේ මිලිටරි පහසුකම් වර්ධනය කිරීමෙන් සිදුවන්නේ පසමිතුරුතාවයන් ඉහළ යාම පමණක් බවයි.
හවායිහි සංග්රාම සංකීර්ණයක් පිහිටුවීමේ ඇමරිකානු සැලසුම විසින් දකුණු චීන මුහුදේ චීන අභිලාෂයන්ට තර්ජනයක් එල්ල විය හැකි බව චීනයේ අදහසයි.
0 comments:
Post a Comment