ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් චීනයෙන් ඩොලර් මිලියන 50ක්
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආධාර ප්‍රදානයක් ලබා දීමට චීන රජය තිරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ආධාර ප්‍රදානයෙන් වැඩි කොටස ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනෙන අතර සෙසු කොටස රජයේ රෝහල් සංවර්ධනය කිරීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනත් කටයුතු සඳහා යොදා ගැනෙන බව අමාත්‍යාංශය කියයි.
චීන රජයෙන් ලැබෙන මෙම ආධාර ප්‍රදාන මුදල වැය කෙරෙන ආකාරය පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් සකස්කර තමන්ට ලබා දෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත උපදෙස් දී තිබේ.
0 comments:
Post a Comment