1130x220 AdSpace

  • Latest News

    Sunday, January 24, 2016

    කුරුළු දඩයක්කාරයෝ පකිස්තාන් අධිකරණය පරාජය කරති


    දුර්ලභ ගනයේ කාන්තාර පක්ෂියකු වන ‘හුබරා බස්ටඩ්’ (houbara bustard) මරා දැමීම තහනම් කරමින් කලින් ප්‍රකාශයට පත් කර තිබුණ අධිකරණ තීන්දුවක් පකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළිත් බල රහිත කරනු ලැබුණි.
    පකිස්තාන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් කලින් පනවා තිබුණ තහනම වෙනස් කර ගැනීමේ උත්සාහයක නිරතවයි සිටියේ.
    පකිස්තාන් ආණ්ඩුවේ තර්කය වී තිබුණේ එවැනි තහංචියක් කුරුලු දඩයම සඳහා ගල්ෆ් රාජ්‍යයන්ගෙන් පැමිණෙන අරාබි ජාතිකයන් සමඟ සිය රට පවත්වන සබඳතාවන්ට හානිකර බවයි.
    ‘හුබරා බස්ටඩ්’ පක්ෂි මාංශය කාමෝද්දීපක වාජීකරණයක් වන බවට ධනවත් අරාබි ජාතිකයන් අතර පිළිගැනීමක් පවතියි.
    මේ අතර පකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නව තීන්දුව පරිසරවාදී සංවිධානවල දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

    ලෝක මට්ටමින් බලන විට පවා ‘හුබරා බස්ටඩ්’ පක්ෂීන් වේගයෙන් වඳ වී යමින් ඇති බවයි පරිසරවාදීන් පවසන්නේ.
    උසින් ආදී දෙකකට අධික එම පක්ෂීන් පියාපත් විදා හල විට වඩාත් විශාලව පෙනෙයි.
    ‘බස්ටර්ඩ්’ පක්ෂි පවුලේ විශාලතම කුරුල්ලා වන ‘හුබරා බස්ටඩ්’ උතුරු අප්‍රිකානු හුබරා යනුවෙන් ද හඳුන්වනු ලැබෙයි.
    කැනරි දූපත් සහ උතුරු අප්‍රිකාවෙන් මෙම කුරුළුවාස හමු වී ඇත.
    ‘ආසියානු හුබරා’ හැටියටත් එම පක්ෂීන් ලැයිස්තුගත කෙරෙයි.
    .bbc.com
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කුරුළු දඩයක්කාරයෝ පකිස්තාන් අධිකරණය පරාජය කරති Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top