1130x220 AdSpace

  • Latest News

    Sunday, January 31, 2016

    මෝරෙකුට ගොදුරක් වූ මෝරෙක්



    මෝර මත්ස්‍ය විශේෂයකට අයත් අඩි 7.2 ක දිගින් යුත් ගැහැණු මෝරෙක් වෙනත් මෝර විශේෂයකට අයත් අඩි 3.9 ක දිගින් යුත් පිරිමි මෝරකු මරා ක්‍රමයෙන් ආහාරයට ගන්නා ආකාරය දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි මින්මැදුරකදී දැක ගත හැකි විය.
    ඉහත කී ගැහැණු මෝර විශේෂය හඳුන්වන්නේ 'සෑන්ඩ් ටයිගර් සාක්' ලෙසයි.
    මරා දැමුණු මෝර මත්ස්‍යයා 'බෑන්ඩඩ් හවුන්ඩ් සාක්' නමැති මෝර විශේෂයට අයත්.
    මින්මැදුරේ පාලකයන් කියා සිටියේ ගැහැණු මත්ස්‍යයා විසින් ගිල දමනු ලැබූ පිරිමි මත්ස්‍යයාගේ ශරීර කොටස් සම්පූර්ණයෙන් ජීරණය නොවිය හැකි බවයි.
    එහෙයින් ඉතිරි වූ ශරීර කොටස් ගැහැණු මත්ස්‍යයා විසින් දින කීපයකට පසු වමාරනු ඇතැයි ද මින්මැදුරේ පාලකයෝ පවසති
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මෝරෙකුට ගොදුරක් වූ මෝරෙක් Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top