ලංකා කට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ග්‍රැහැම් ෆෝඩ් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
2012 දීත් ලංකාව කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් ලබන සඳුදා සිට නව පදවියේ වැඩ භාරගන්නා අතර 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ජගත් කුසලානය දක්වා එම පත්වීම බලපැවැත්වෙන බවත් නිවේදනයේ සඳහන්.
පසුගිය වසරේ අන්තර්වාර කමිටුව පත්කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු ඉල්ලා අස් වූ අතර, ඉන්පසුව ජෙරොම් ජයරත්න කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.
මාවන් අතපත්තුගේ ඉල්ලා අස්වීමට වේග පන්දු පුහුණුකරු වූ චමින්ද වාස් ද ඉල්ලා අස් වූ අතර, තරඟ පාවාදීමේ චෝදනා ලැබූවකු පුහුණු සංචිතයට කැඳවා ගැනීමේ චෝදනා මත වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායකද තාවකාලික වැඩ තහනමකට ලක් වී සිටී.
එමෙන්ම මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සමුගැනීම හමුවේ කණ්ඩායමේ දක්ෂතාද බිඳ වැටී තිබෙන අවස්ථාවකයි, ග්‍රැහැම් ෆෝඩ් යළිත් පුහුණුකරු පදවියට පත් කෙරෙන්නේ.
2012 වසරේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර, ඊට පෙරාතුව ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේය
bbc.com
0 comments:
Post a Comment