2008 වසරේ මුම්බායි ප්රහාරය එල්ල කිරීමට පෙර ඒ සඳහා සුදානම් වනු වස් එම නගරයට හත් වතාවක්ම ගිය බව පාකිස්තාන් සම්භවයක් හිමි ඇමරිකානු ජාතික සිරකරුවකු ඉන්දීය අධිකරණයක් ඉදිරියේ හෙළි කළේය.
එක්සත් ජනපදයේ බන්ධනාගාරයක සිට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි දුන් ඩේවිඩ් හෙඩ්ලි අධිකරණයට කියා සිටියේ ප්රහාර එල්ල කිරීමට නියමිත ස්ථානවල තොරතුරු රැස් කිරීමේ අරමුණින් එහි ගිය බවයි.
තමා, පාකිස්තානයේ සිට ක්රියාත්මක 'ලෂ්කර් ඒ තයිබා' සන්නද්ධ සංවිධානයේ සැබෑ අනුගාමිකයකු බවත් ඔහු පැවසුවේය.
ප්රහාරයට සම්බන්ධ තවත් සැකකරුවකු නම් කරමින් ඩේවිඩ් හෙඩ්ලි කියා සිටියේ තමා, ප්රධාන වශයෙන් සබඳතා පැවැත්වූයේ පාකිස්තාන් ජාතික සජිඩ් මිර් නැමැත්තා සමග බවයි.
bbc.com
0 comments:
Post a Comment