රතුපස්වල මතභේදයට කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ ජලය සම්මත ප්‍රමිතියෙන් තොර බවට කරුණු අනාවරණය වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අභියාචනාධිකරණයට දන්වා තිබේ.
ලංකා ප්‍රමිති ආයතනයේ සම්මත ප්‍රමිතියට අනුකූල නොවන බව එම ප්‍රදේශයෙන් ලබාගත් ජල සාම්පල පරික්ෂාවට ලක් කිරීමෙන් පසුව තහවුරු වී ඇති බවයි සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.
‘රතුපස්වල ජල ගැටලුවට යහපාලන රජය තුලින් ද විසඳුමක් ලැබී නැහැ. එම පරිසර දූෂණයට වග කිව යුතු පිරිස් නිදැල්ලේ සිටිනවා. ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.’ ඔහු පැවසීය.
අදාළ පෙත්සම අද (8) කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා අධිකරණයට කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉදිරිපත් කල වාර්තාව පිලිබදව අධ්‍යනය කිරීම සදහා කල් අවශ්‍ය බවයි.
ඒ අනුව පෙත්සම අප්‍රේල් මස 28 වනදා යළි කැඳවීමට නියම කල අධිකරණය එදිනට වැඩිදුර සලකා බැලීම් සිදු කරන බවයි නිවේදනය කලේ.
රතුපස්වල ප්‍රදේශයේ ජල දූෂණයට වගකිවයුතු කර්මාන්ත ශාලාවට අනුමැතිය දුන් රාජ්‍ය නිලධාරීන්ට නඩු පවරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සියනෑ ජලය සුරැකීමේ සංවිධානය මෙම නඩුව පවරා තිබේ.
0 comments:
Post a Comment