ලංකාව සම්බන්ධව ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන්නේ 2017 වසරේ මාර්තු මස පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
ලබන ජුනිs මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට එම විමර්ශන වාර්තාව ඉදිරිපත් නොකරන බවද එම කවුන්සිලය දැනුම් දී ඇත.
2017 වසරේ මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී අදාළ විමර්ශන වාර්තාව සම්බන්ධව ගත යුතු පියවර ගැන කවුන්සිලය තීරණය කරන බවද ශ්‍රී ලංකා රජයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
0 comments:
Post a Comment