2009 වසරේ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරනු ලැබීමෙන් පසු මුලතිව්හි ‘කෙපාපිලව්’ ප්‍රදේශයේ හමුදා කඳවුරු ඉදි කරනු ලැබීමට යොදා ගෙන ඇති භූමියේ කලින් පදිංචිව සිටි පවුල් 288 කට අලුතින් නිවාස සදා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ ‘යුද්ධය නිම වීමත් සමඟ එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව වව්නියාවේ අනාථ කඳවුරු කරා ගිය අතර එම ජනතාවගේ ඉඩම් හමුදා කඳවුරු ඉදි කිරීමට යොදා ගත්’ බවයි.
ඒ වෙනුවට එම ජනතාව සඳහා වෙනත් ස්ථානයක නිවාස 288ක් ඉදි කොට ඔවුන්ට භාර දුන් බවයි මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ ප්‍රකාශ කළේ
‘එම නිවාස 288 එකවර හැදීමට නොහැකි වුනා. අදියර පහකටයි නිවාස ඉදි කෙරුණේ. එම ව්‍යාපෘතියේ 288 වැනි අවසන් නිවාස හදා අද භාර දුන්නා’ මේජර් ජනරාල්වරයා සඳහන් කළේය.
අලුත් ඉඩම්
යුද කඳවුරු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී ‘කෙපාපිලව්’ ප්‍රදේශයේ කලින් වාසය කළ ජනයා සතු විවිධ පරිමාණයෙන් යුත් ඉඩම් පවරා ගනු ලැබ ඇති අතර එම ජනයාට වෙනත් තැන් වලින් ඔවුන්ගේ කලින් ඉඩම්වල වටිනාකමට සරිලන පරිදි නව ඉඩම් දෙන බවත් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ පවසයි.
නිවාස 288 ව්‍යාපෘතියේ දී ඇතැමුන්ට ඔවුන් සතුව කලින් පැවති මට්ටමේ ඉඩම් ප්‍රමාණයක් ලැබී නැති අතර හැම කෙනකුටම පර්චස් හතළිහක ඉඩම් කැබැල්ලක් ලබා දී ඇති බවයි මුලතිව් ආඥාපතිවරයා සඳහන් කළේ.
නන්දිකඩාල් ධීවරයන්
පුද්ගලයන් නැවත ලියා පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන සහිතව යුද හමුදා සෙබල ශ්‍රමයෙන් එම නිවාස ඉදි කෙරුණ බවත් හමුදා නිලධාරියා පවසයි.
නව නිවාස ව්‍යාපෘතියත් සමඟ ඊට අවශ්‍ය ජල සහ විදුලි බල සැපයුම් සම්පාදනය කොට ඇති අතරවාරයේ පාසලක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ඉදි කරනු ලැබ ඇති බව සඳහන් කළ මුලතිව් ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ කලින් වැඩි ඉඩම් ප්‍රමාණයක් තිබුණ ජනයා අතර කුඩා ඉඩමක හිමිවීම අතින් කනස්සල්ලක් ඇතත් විශේෂයෙන් ම ‘නන්දිකඩාල්’ කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුන ජනතාව නව නිවාස ලැබීම නිසා සතුටට පත්ව සිටින බවයි බීබීසියට කියා සිටියේ.
bbc.com
0 comments:
Post a Comment