රග්බි ක්රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් වහා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද රහස් පොලිසියට නියම කළේය.
එම මරණය පිලිබඳව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප්රකාශයට පත් කළ මහේස්ත්රාත් අධිකරණය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා මෙන් රහස් පොලිසියේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.
පපුව , බෙල්ල සහ පාදවලට සිදු වූ තුවාල හේතුවෙන් වසීම් තාජුඩීන් මරණයට පත්ව ඇති බවයි මහේස්ත්රාත් වරයා තීන්දුව දෙමින් ප්රකාශ කළේ.
එය රිය අනතුරක් නිසා සිදු විය හැකි මරණයක් නොවන බව සඳහන් කළ මහේස්ත්රාත්වරයා මරණය ඝාතනයක් ලෙස සැක කළ හැකි බවට තොරතුරු පවතින බවත් කියා සිටියේය.
ඒ අනුව මිනී මැරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්රාත්වරයා පොලිසියට නියම කළේ.
එමෙන්ම පරීක්ෂණවලදී සොයා ගනු ලැබ ඇති CCTV වීඩියෝ දර්ශන නොපමාව විදේශ රටක පරීක්ෂණයකට භාජනය කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත් කොළඹ මහේස්ත්රාත් අධිකරණය පොලිසියට නියම කළේය.
bbc.com
0 comments:
Post a Comment