‘සිකා’ වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊට මුහුණදීමට සියළු පියවර ගෙන ඇත.
කටුනායක ගුවන්තොටුපලේ වෛද්‍ය අංශය, වසංගත රෝග විද්‍යා අංශය, IDH උණ රෝහල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය ඒ සදහා සුදානම් කර තිබේ.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ රසායනාගාර සියල්ල පරීක්ෂණ සඳහා සුදානම් කරන ලද අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය විශේෂ පරීක්ෂාවට ලක් කරන ලදි.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂයෙන්ම වෛරස් රසායනාගාරය පරීක්ෂාවට ලක් කරන ලදි.
ලබන සිකුරාදා සිට සිකා වෛරස් ලේ සාම්පල පරීක්ෂා කිරීම බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ආරම්භ කිරීමට නියමිතය.
එම පරික්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මැලේසියාෙවි සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනෙයි. සියළු පරීක්ෂණ පැය 24 පුරා ක‍්‍රියාත්මකයි.
අයි.ඩි.එචි උණ රෝහලේ විශේෂ ප‍්‍රතිකාර ලබාදීමට ද සුදානම් කර ඇති අතර, සියළු සෞඛ්‍ය සේවකයින් සදහා විශේෂ උපදෙස් ඇතුළත් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.
කටුනායක ගුවන්තොටුපලේ ද පැය 24 පුරා මෙරටට පැමිණෙන ලතින් ඇමරිකානු රටවල සංචාරකයින් සහ එම රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් පරීක්ෂා කෙරේ. ඒ සදහා විශේෂ කවුන්ටරයක් ඊයේ සිට කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කර ඇත.
කිසියම් පුද්ගලයෙකු සිකා වෛරස් උණ රෝගයට ගොදුරු වුවහොත් පරීක්ෂණ සදහා අවශ්‍ය ලේ සාම්පල ලබාගැනීම සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පැය 24 පුරා ක‍්‍රියාත්මක වෙනම ඒකකයක් ද ස්ථාපිත කර තිෙබි.
– නිපුන් ඒකනායක
lankacnews.com/
0 comments:
Post a Comment