1130x220 AdSpace

  • Latest News

    Thursday, February 4, 2016

    ISIS හා සටනට තවත් ඇමරිකානු, සන්ධාන හමුදාවන් අවශ්‍යයි




    ISIS සංවිධානය හා සටන සඳහා තවත් ඇමරිකානු හා ජාත්‍යන්තර සන්ධාන හමුදාවන් අවශ්‍ය බව ඉරාකයේ හා සිරියාවේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරී හමුදා ලූතිනන් ජෙනරාල් ෂෝන් මැක්ෆාලන්ඞ් පවසා ඇත.

    ඔහු පවසා ඇත්තේ ත‍්‍රස්තවාදීන්ට එරෙහි පීඩනය ඉහළ නැංවීමේ ක‍්‍රම පිළිබඳව සොයා බලමින් සිටින බවයි. එය අනිවාර්යයෙන්ම ඇමරිකානු පාබල හමුදා මැදිහත්වීමක් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඇතැම්විට ජාත්‍යන්තර සන්ධාන පාබල හමුදා මැදිහත්වීමක් හෝ ඇතැම්විට විශාල පරිමාණයේ පාබල හමුදාවක් අවශ්‍ය නොවන සුවිශේෂී හැකියාවක් විය හැකි බවත් මැක්ෆාලන්ඞ් පවසා තිබේ.

    කෙසේවෙතත් මේ සඳහා අමතර හැකියාවන් එක්කළ හැකි අමතර හමුදාවන් අවශ්‍ය බව පවසා ඇති ඔහු ඒ පිලිබඳව ඉරාක රජය හා අනෙක් මිතුරු රාජ්‍යයන් සමග සාකච්ඡ කරමින් සිටින බවද පවසා ඇත.

    ISIS පාලනය යටතේ පවතින ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මොසුල් යළි අත්පත් කරගැනීම සඳහා කාලසටහනක් පවතින්නේද යනුවෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ජෙනරාල්වරයා පවසා ඇත්තේ තමන් කුමන දිනයක් පැවසුවත් එය වැරදී යාමට 90%ක සම්භාවිතාවක් ඇති හෙයින් වඩා වැදගත් වන්නේ හැකි ඉක්මනින් කළ යුතු දේ අවසන් කිරීම බවයි.

    සන්ධාන හමුදාවන් විසින් මේ වන විට ඉරාක සෙබළුන් 17500ක් හා පොලිස් නිලධාරීන් 2000ක් පමණ පුහුණු කර අවසන් කර ඇති බව පවසා ඇති මැක්ෆාලන්ඞ් එමගින් ISIS හා සටන් වැදිය හැකි හමුදාවක් ලැබී ඇති බවද පවසා ඇත.


    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ISIS හා සටනට තවත් ඇමරිකානු, සන්ධාන හමුදාවන් අවශ්‍යයි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top