1130x220 AdSpace

  • Latest News

    Wednesday, February 10, 2016

    ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙයි


    ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබයි.
    ඒ අනුව දහනවයෙන් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව ගිලිහි ගියේය.
    ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් දෙක විචාරකයන් විසින් හඳුන්වනු ලැබූවේ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් දෙක ලෙසයි.
    තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර සියල්ල අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 267ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 170ක්පමණයි.
    ඒ අනුව ලකුණ 94 කින් තරඟය ජයග්‍රහණය කර ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.
    ලෝක කුසලාන බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියත් තරගාවලියේ තෙවන ස්ථානය සඳහා වන තරඟයට මුහුණ දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට සතුව පවතියි.
    ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන ස්ථානය දිනා ගැනීම සඳහා තරඟ වැදීමට සිදු වන්නේ බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන අවසන් පුරව තරඟයේ පරාජිත කණ්ඩායම සමගයි.
    එම තරඟය ලබන 13 වැනිදා බංගලාදේශයේ ෆටුල්ලාහිදී පැවැත්වීමට නියමිතයි.
    bbc.com
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙයි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top