ඇලෙපෝ පළාත තුළ රුසියානු ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමග සාමාන්‍ය වැසියන් ඇතුළු පන්සීයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති බව සිරියාවෙන් ලැබෙන වාර්තා පවසයි.
රුසියානු ප්‍රහාරක ගුවන් යානා වෙත සිරියාවේ ආණ්ඩුවේ හමුදාවල සහාය ලැබෙති.
නිරීක්ෂණ කණ්ඩායමක් කියා සිටියේ පසුගිය දින දහය තුළ එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලට ගොදුරු වී මරුමුවට පත් පිරිස් අතර දරුවන් විසි තුන් දෙනකු ද සිටින බවයි.
රුසියානු හමුදා සිරියාවට බෝම්බ හෙළීම හේතුවෙන් මානුෂීය අර්බුදයක් පැන නැගී ඇති බවට ඇමරිකාව චෝදනා එල්ල කරයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්රකාශිකාවක් පවසා ඇත.
ඇලෙපෝ පළාතේ වෙසෙන සිරියානුවන් ලක්ෂ ගණනකට ආධාර ලබා දීමට නොහැකි තත්වයක් උදා වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා අනතුරු හැඟවීය.
BBC.COM
0 comments:
Post a Comment