1130x220 AdSpace

  • Latest News

    Wednesday, February 10, 2016

    රුපියල් විස්සට වී විකුණන තිරුක්කෝවිල් ගොවියෝ


    මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරමිභ වී ඇතත් රජය වී මිල දී ගැනීම ආරම්භ කර නොමැති නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීහු පවසති.
    දැනට රජය වී මිලදී ගැනීම ආරම්භ කර නොමැති නිසා පෞද්ගලික අංශය මගින් රුපියල් විස්සට වී මිලදී ගන්නා බවයි තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි ටි.තුවාදරන් පවසන්නේ .
    පසුගිය කන්නයේ වී රුපියල් හතළිස් පහක් පමණ වූ මිලකට ගත් නිසා පෞද්ගලික අංශය ද වැඩි මිලකට ගත් බව ඔහු පැවසීය.

    ‘හිඟන්නන් මෙන්’


    රජය වී මිලදි ගැනිම ආරම්භ නොකළ නිසා ‘හිඟන්නන් මෙන්’ තමන්ට වී අලෙවි කිරීමට සිදුව ඇති බව තිරුක්කෝවිල් ‍ ගොවි සංවිධානයේ සභාපති ටි ඥාණසුරියම් කියා සිටියේය.
    කෘමිනාශක, පොහොර සහ ශ්‍රමය යොදා කුඹුරු කර රුපියල් විස්සට වී විකිණීම තුළ ගොවියාට කිසිම සහනයක් නොමැති බවයි ඔහු පවසන්නේ.
    මෙම මස 15 වෙනි දින අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති පි.බි දිසානායක පවසයි.

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රුපියල් විස්සට වී විකුණන තිරුක්කෝවිල් ගොවියෝ Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top