සටන් විරාමයකට රුසියාවේ කැමැත්ත
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ගේ මුල් පෙළේ හිතවාදියා වන රුසියාව, සිරියාවේ සටන් විරාමයක් ඇති කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදානම් බව පවසයි.
රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමති ගෙනාඩි ගැටිලස් (Gennady Gatilov) පැවසුවේ යුද්ධය අවසන් කිරීමේ ක්‍රම වේදයන් සාකච්ඡාවට බඳුන් වන ලෝක බලවතුන් ගේ මියුනිච් හමුවේ දී මෙම සටන් විරාමය පිළිබඳව සලකා බැලෙනු ඇති බවයි.
උතුරු සිරියාවේ යුද ජයග්‍රහණ අත් පත් කර ගැනීමට සිරියානු හමුදාවන්ට සහය ලබා දුන්නේ රුසියානු ගුවන් ප්‍රහාරයි.
මේ අතර සටන් විරාමයක් ඇති කර ගැනීමට සති කිහිපයකට පෙර ජනාධිපති අසාද් ට විරුද්ධ කණ්ඩායම් සහමුලින් විනාශ කර දැමෙනු ඇති බව පවසමින් රුසියාව කල් මරමින් සිටින බව ඇමරිකානු නිලධාරීන් පැවසූ බවට වාර්තා වී තිබේ.
රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් පසුගිය සතියේ සාම සාකච්ඡා බිඳ වැටුණු බවයි සිරියානු කැරලි කරුවන් සහ තුර්කිය පවසන්නේ.
0 comments:
Post a Comment