1130x220 AdSpace

  • Latest News

    Tuesday, February 16, 2016

    වැලන්ටයින්: 'නිදහසේ ආදරය කරන්න ඉඩ දෙන්න'



    14 පෙබරවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 18:05 GMT
    යොවුන් ප්‍රේමය වෙනුවෙන් සුවිශේෂී දිනයක් සැමරීම වෙනුවට ශ්‍රී ලංකා බලධාරීන් කළ යුත්තේ පෙම්වතුන්ට නිදහසේ පෙම් සුව විඳීමේ අවස්තාව සලසා දීම බව ප්‍රකට ලේඛිකා කුමාරි කුමාරගමගේ පවසයි.
    එහෙත් ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සිදු කරන්නේ සත්‍යය වසන් කොට යොවුන් පරපුර සුරංගනා ලෝක වෙත යොමු කිරීම බවත් සමාජ ක්‍රියාධාරිනියක වන කුමාරි කුමාරගමගේ චෝදනා කරයි.
    වැලන්ටයින් දිනය සහ ආදරය අතර පවතින සම්බන්ධතාව කුමක් දැයි ප්‍රශ්න කරන ලේඛිකාව, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ වෙළඳපොලේ ඉල්ලීමක් පවතින, විකුණා ගත හැකි දේ පමණක් මාධ්‍ය තුලින් ප්‍රචාරය කෙරෙන බවයි.
    ලෝකය පටන් ගත් දා සිට පවතින ආදරය නම් සංකල්පය මනුසතුන්ට පමණක් නොව ගහ කොළ සහ සතුන්ටද පොදු බව පෙන්වාදෙන ඇය වැඩිදුරටත් පවසන්නේ වැලන්ටයින් දිනය තුල එම සංකල්පය අන්තර්ගත නොවන බවයි.
    පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් පවත්වන සැමරුම් උත්සව සහ සංදර්ශන වලට සහභාගී වීමේ වරදක් තමන් නොදකින බව පවසන ලේඛිකා කුමාරි කුමාරගමගේ, වැලන්ටයින් දිනයේ හුවා දක්වන ආදරය ඉන් අනතුරුව 'හුලං බසින්නේ' නම් එහි අර්ථය කුමක්දැයි ප්‍රශ්න කරන්නීය.
    ආදරය යනු දවසක් පැයක් හෝ සතියක් සැමරිය යුත්තක් හෝ සමාජයට පෙනෙන්නට සමරන දෙයක් නොව දීර්ඝකාලීනව පැවතිය යුත්තක් බවයි ඇයගේ අදහස.
    එහෙත් මේ විවේචනය යොවුන් විය ඉක්මවූවන් ඊර්ෂ්‍යාවෙන් මතු කරන කුහක තර්කයක් විය නොහැකිද?
    "අනේ ඉතින් ලව් කරන්නකෝ. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒකට. කිස් එකක් දෙන්න බැහැනේ ලංකාවේ ප්‍රසිද්ධියේ," ඇය පැවසීය.
    "මම කියන්නේ ඔය බොරු දවස් දාන්න ඕන නැහැ. ඒගොල්ලන්ට නිදහසේ ආදරය කරන්න පරිසරයක් හදල දෙන්න."
    උපුටා ගැනිම.bbc.com
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වැලන්ටයින්: 'නිදහසේ ආදරය කරන්න ඉඩ දෙන්න' Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top